English English සිංහල සිංහල தமிழ் தமிழ்

කැබිතිගොල්ලෑව සිද්ධියේ ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට.

Facebook
Twitter
LinkedIn

 

අනුරාධපුර – කැබිතිගොල්ලෑව – රඹකැපූවැව ප‍්‍රදේශයේදී විරෝධතාවක් අතරතුර ප‍්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්ව පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

විමර්ශන සිදුකරන පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ හිමිනමක්, කාන්තාවන් දෙදෙනෙකු ඇතුලූ 15 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එමෙන්ම අවශ්‍ය කරන තවත් සැකකරුවෙකු ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇති බවද එම නිලධාරියා සඳහන් කළා. වීඩියෝ දර්ශන උපයෝගී කරගනිමින් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර අත්අඩංගුවට ගත් 15 දෙනාගෙන් හිමිනම ඇතුලූ හතරදෙනෙකු ඊයේ කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48 ක රැඳවුම් නියෝගද ලබාගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් හිමිනම කලක් යුද හමුදාවේ සේවය කළ අයෙකු බවටයි විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ.

එමෙන්ම මියගිය පොලිස් නිලධාරියා වන අලි ගැටළුව සම්බන්ධයෙන් නිරන්තරයෙන් විමසා බැලූ නිලධාරියෙකු බවද වාර්තා වනවා.

සිද්ධියට අදාළව ප‍්‍රදේශවාසීන්ගෙන් ප‍්‍රකාශ ද මේ වනවිට සටහන් කරගෙන තිබෙනවා.

වනඅලි පහරදීමකින් පුද්ගලයෙකු මියයෑමේ සිද්ධියකට විරෝධය පළ කරමින් රඹකැපූවැව ප‍්‍රදේශවාසීන් පෙරේදා රාත්‍රියේ විරෝධතාවක නිරත වූ අතර පොලිසිය පැමිණීමත් සමඟ විරෝධතාවයේ නිරත පිරිස පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසට පහර දී රාජකාරී ගිනි අවිය පැහැරගැනීමට උත්සාහ දරා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී පොල්ලකින් හිසට පහරදීම හේතුවෙන් 54 හැවිරිදි පොලිස් සැරයන් ඒ.පී. සුනිල් මියගියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000