English English සිංහල සිංහල தமிழ் தமிழ்

ලෝකයේ වැඩියෙන්ම අළෙවි වූ පොත්.

Facebook
Twitter
LinkedIn

පොත් කියලා කියන්නේ ඔබටත් මටත් ඉතාමත් සමීප දෙයක්. ඒ වගේම සමාජයේ ජීවත් වීමේදී පරිහරණය කළ යුතුම දෙයක්. මන්ද පුද්ගලයෙකුට දැනුම, බුද්ධිය වර්ධනය කර ගන්න වගේම පරිපූර්ණ වීමටත් පොත් අත්‍යවශ්‍ය අංගයක් වන නිසාය. කෙසේ වෙතත් ලෝකය දෙස බැලීමේ දී මිල කළ නොහැකි පොත් දස දහස් ගණනක් ලියවී ඇත. ඒවයෙන් ලබා ගත හැකි දැනුම අපමණ වේ. පොතක් තුළින් ඒ ඒ සංස්කෘතීන්, සමාජ චර්යා,භාෂාව, ආචාර සමාචාර, චාරිත්‍ර වාරිත්‍ර රටින් රටට වෙනස් වන ආකාරය හොදින්ම අධ්‍යනය කළ හැකි වේ.

එසේම ලෝකයේ වැඩිම පිටපත් ගණනක් අලෙවි වූ පොත් පිළිබඳ කතා කිරීම වැදගත් කරුණකි. ලෝකයේ වැඩිම පිටපත් ගණනක් අලෙවි වූ පොත් කිහිපයක් පිළිබඳ මෙසේ අවධානය යොමු කළ හැකිය.

1. “Don Quixote” – මිගුවෙල් දි සර්වැන්තේස්

මෙම නවකතාව නිකුත් වන්නෙ වර්ෂ 1605 දීය. මේ වන විට මෙම නවකතාවෙහි පිටපත් මිලියන 500ක් පමණ අලෙවි වී ඇත. මෙම නවකතාව ලියා ඇත්තේ Miguel de Cervantes නම් ස්පාඤ්ඤ ජාතික ලේඛකයා විසින්ය. “රදල හිත” නමින් සිංහල භාෂාවට ද මෙය පරිවර්තනය වී ඇත.

2. “A Tale of Two Cities” – චාර්ල්ස් ඩිකන්ස්

මෙම පොත ලියා ඇත්තේ 1859 දී චාර්ල්ස් ඩිකන්ස් නම් ලේඛකයා විසින්ය. මේ වනවිට මෙහි පිටපත් මිලියන 200කට අධික ප්‍රමාණයක් අලෙවි වී ඇත. එසේම මෙම නවකතාව චිත්‍රපටයකට ද පාදක වී ඇත්තේ A Tale of Two Cities නමින් ය.

3. “The Fellowship of the Ring”- J.R.R. ටෝකියන්

ලෝක ප්‍රසිද්ධ The Lord of the Rings කතාවෙහි පළමු කොටස වේ. J. R. R. Tolkien නම් ලේඛකයා විසින් 1954 දී එළිදක්වා ඇත. අද වනවිට ලෝකය පුරා මේ පොතෙහි පිටපත් මිලියන 150ක් පමණ අලෙවි වී තිබේ.

4. “Le Petit Prince” – ඇන්ටොයින් ඩි සේන්ට් එක්සුපෙරි

මෙම කතාව ලියා ඇත්තේ Antoine de Saint-Exupéry නම් ප්‍රංශ ජාතික ලේඛකයා විසින්ය. ඒ 1943 වගේ ඉතාම ඈත අතීතයක වේ. දැනට භාෂා 300 කට පමණ පරිවර්තනය වී ඇති මේ පොත අද වන විට පිටපත් මිලියන 140ක් පමණ අලෙවි වී තිබේ.

5. “Harry Potter and the Sorcerer’s Stone” – J.K. රෝලින්ග්

Harry Potter යනු වයස් සීමාවකින් තොරව ප්‍රිය කරන කතා මාලාවකි. 1997 දී J. K. Rowling කියන ලේඛිකාව විසින් ලියන ලද මෙම නවකතාව අද වන විට ලෝකය පුරා පිටපත් මිලියන 120ක් පමණ අලෙවි වී තිබේ. විශේෂයෙන්ම මෙම කතා මාලාව පාදක කරගෙන ඉතාම ජනප්‍රිය වූ චිත්‍රපට මාලවක් ද තිරගත විය.

භාග්‍යා බණ්ඩාර.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000