English English සිංහල සිංහල தமிழ் தமிழ்

බිත්තරයක් රුපියල් 10 කින් අඩු කළ හැකි බව සංගමයක් කියයි.

Facebook
Twitter
LinkedIn

 

බිත්තරයක මිල රුපියල් 10 ත් 7 ත් අතර ප‍්‍රමාණයකින් පහත දැමිය හැකි බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය පවසනවා.

කෙසේ වෙතත්, කුකුළු ගොවිපොල හිමියන් කිිහිපදෙනෙකුගේ මැදිහත් වීමෙන් මිල අඩු කිරීම සිදුනොකරන බවයි එම සංගමයේ ලේකම් අනුර මාරසිංහ  සඳහන් කළේ.

මේ අතර, සත්ත්ව ආහාර සඳහා බඩඉරිඟු වෙනුවට සුණු සහල් හෙවත් කැඩුණු සහල් ආදේශකයන් ලෙස යොදා ගැනීමට සුදුසු බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබෙනවා.

බඩඉරිඟු වෙනුවට සුනු සහල් යොදා ගැනීමේ සුදුසුභාවය පිළිබඳ ලිඛිත සහතිකයක් ලබාදෙන ලෙසට කෘෂිකර්ම අමාත්‍යාංශය සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ඉල්ලීමක් කර තිබූ අතර, ඒ අනුවයි අදාළ නිර්දේශ ලබාදී ඇත්තේ.

2021 වසරේ බඩඉරිඟු අස්වැන්න 10% කින් අඩුවීම හේතුවෙන් සත්ව ආහාර සඳහා බඩඉරිඟු වෙනුවට සුනු සහල් මෙට්‍රික් ටොන් 25,000 ක්  ඉන්දියාවෙන් ආනයනය කිරීමටයි පියවර ගැණුනේ.

පසුගිය මහ කන්නයේ රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හේතුවෙන් බඩඉරිඟු අස්වැන්න මෙට්‍රික් ටොන් 90,000 දක්වා පහත වැටුණු අතර, වෙළඳපොලේ  දියර කිරි, බිත්තර සහ කුකුළු මස් මිල ඉහළ යාමට ද එය හේතුවක් වුණා.

මේ අතර, මහ කන්නයට අවශ්‍ය පොහොර නිසි ලෙස ලබා නොදුනහොත් මේ මස 15 වනදා උද්ඝෝෂණයක් සිදු කිරීමට අනුරාධපුර දිස්ත‍්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානය තීරණය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000