/
/
title icon යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට සහතිකයක්.
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට සහතිකයක්.
Editor
1 year ago
Share:
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට සහතිකයක්.

 

ආර්ථික අර්බුදය සාර්ථකව ජයගැනීමට ශ‍්‍රී ලංකාව දරණ ප‍්‍රයත්නයන්ට සහය වීම සඳහා කැප වී කටයුතු කරන බව යුරෝපා සංගමය යළි තහවුරු කර තිබෙනවා.

ඒ කොළඹ පැවති යහපාලනය, නීතියේ ආධිපත්‍ය සහ මානව හිමිකම් පිළිබඳ යුරෝපා සංගම් සහ ශ‍්‍රී ලංකා ක‍්‍රියාකාරී කණ්ඩායමේ හය වන රැස්වීමේදීයි.

21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙහිදි ශ‍්‍රී ලංකාව විසින් යුරෝපා සංගමය දැනුවත් කර තිබෙනවා.

එමෙන්ම ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා මෙම වසරේ මාර්තු මාසයේදි ගත් පියවර එහිදී යුරෝපා සංගමයේ ඇගයුමට ලක් කර තිබෙනවා.

කෙසේ වෙතත් මෑතකදී ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත භාවිතයට ගැනීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය දැඩි කනස්සල්ල පළ කරන බවයි යහපාලනය, නීතියේ ආධිපත්‍ය සහ මානව හිමිකම් පිළිබඳ යුරෝපා සංගම් සහ ශ‍්‍රී ලංකා ක‍්‍රියාකාරී කණ්ඩායම නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක දැක්වෙන්නේ.

ජී.එස්.පී. ප්ලස් අධීක්ෂණ ක‍්‍රියාවලිය සහ එහි අවශ්‍යතා පිළිබඳවද මෙහිදී තොරතුරු හුවමාරු කර ගෙන ඇති අතර, මෙරට ජී. එස්.පී. ප්ලස් කැපවීම සම්බන්ධයෙන් ප‍්‍රත්‍යක්ෂ ප‍්‍රගතියක් ලබන ලෙස යුරෝපා සංගමය විසින් ශ‍්‍රී ලංකාව දිරිමත් කර තිබෙනවා.

මේ අතර රුසියාව සහ මිත‍්‍ර රාජ්‍යයන් අතර ගුවන් ගමන් සංඛ්‍යාව වැඩිකරන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් එරට රජයට නියෝග කර තිබෙනවා.

ශ‍්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය ට්විටර් සටහනක් තබමිනුයි ඒ බව නිවේදනය කළේ.

මේ අතර රුසියාවේ විශාලම වාණිජ ගුවන් සේවය වන අසූර් එයාර් හි කොළඹ ගුවන් ගමන් යළි ආරම්භ කරමින් මඟීන් 335 දෙනෙකු රැගත් යානයක්ද අද උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණියා

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required