/
/
title icon කැළණිය සරසවියේ ජවිපෙ පෙරටුගාමීන් ගැටේ.
කැළණිය සරසවියේ ජවිපෙ පෙරටුගාමීන් ගැටේ.
Editor
1 year ago
Share:
කැළණිය සරසවියේ ජවිපෙ පෙරටුගාමීන් ගැටේ.

 

කැළණිය විශ්ව විද්‍යාලයේ කන්නංගර නේවාසිකාගාරය තුළදී ගැටුමක් ඇතිවූ බව පවසමින් සිසුන් 05 දෙනෙකු රෝහල්ගත වී තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී යන පක්ෂ නියෝජනය කරන සිසුන් දෙපිරිසක් අතර ඇති වූ දේශපාලන මත ගැටුමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හට ගෙන ඇති බවයි එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය ප‍්‍රකාශ කළේ.

පෙරේදා මෙම ගැටුම හට ගෙන ඇති අතර, එහිදී තවත් සිසුන් පිරිසක් විසින් සිසුන් 5 දෙනෙකු පමණ නේවාසිකාගාරය තුල රඳවාගෙන තිබෙනවා.

පසුව විශ්ව විද්‍යාල පාලනාධිකාරියේ මැදිහත් වීමෙන් ඔවුන් මුදවා ගෙන නිවෙස් වෙත පිටත් කර හැරීමටයි කටයුතු කර ඇත්තේ.

එහෙත් එම සිසුන් 05 දෙනා නිවෙස් වෙත නොගොස් ඊයේ හෝමාගම රෝහලට ඇතුළත් වී තිබෙනවා.

ප මේ පිළිබඳව එම රෝහලෙන් කළ විමසීමකදී එහි ප‍්‍රකාශකයෙකු කියා සිටියේ එලෙස ඇතුළත් වූ සිසුන් 05 දෙනෙකුගෙන් තිදෙනෙක් ප‍්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required