/
/
title icon පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වෙඩි ප‍්‍රහාරයක්.
පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වෙඩි ප‍්‍රහාරයක්.
Editor
1 year ago
Share:
පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වෙඩි ප‍්‍රහාරයක්.

 

පාකිස්තානයේ පැවති විරෝධතා රැළියකට එක්ව සිටි හිටපු අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වෙඩි ප‍්‍රහාරයක් එල්ල වුණා.

එහිදී ඔහුගේ පාදයකට තුවාල සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් වෙඩි ප‍්‍රහාරයෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම විරෝධතාව ලාහෝර් නුවරින් ආරම්භ වී ඉස්ලාමාබාද් නුවර දක්වා ගමන් කරමින් ඇති අතර ඉම්රාන් ඛාන් ට‍්‍රක් රථයක රැදී සිටියදී ඔහුගේ අධාරකරුවෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු වෙඩි ප‍්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේ වෙතත් පසුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required