English English සිංහල සිංහල தமிழ் தமிழ்

ජන සාහිත්‍යයේ කිරුළ පැළදි ජන කවිය.

Facebook
Twitter
LinkedIn

ලෝකයේ ඕනෑම රටකට එම රටටම ආවේණික වූ සාහිත්‍ය කලාවක් පවතී. ඒ අතරේ දකුණු ආසියාතික රටක් වශයෙන් ශ්‍රී ලංකාවට ආවේණික වූ සංස්කෘතියක්, කලාවක්, සාහිත්‍යයක් පවතී. එය ඉතාමත් ඈත ඉතිහාසයක් දක්වා විහිදී යන්නකි. එය ජනශ්‍රැතිය වශයෙන් හදුනා ගත හැකිය. ජනශ්‍රැතියට අනුව ජනකවි, ජනප්‍රවාද, ජනකතා ආදිය එකට එක්කොට කියවී සහ ලිය වී ඇති කලාව ජන සාහිත්‍ය ලෙස නම් කළ හැකිය. ඒ අතර ජනකවි යනු ඉතාමත් උසස් මෙන්ම සුවිශේෂී ජන කලාවකි. ජනකවි යනු ආරම්භය කෙසේ සිදු වී දැයි වූද, මුඛ පරම්පරාගත ව පැවත එන්නා වූද, ඒක කතෘක නොවූද නොවියත් හුදී ජනයා විසින් රචනා කරන ලද්දා වූද, කවි වේ. ව්‍යවහාරයේ පැවති ඇතැම් ජනකවි රචනා කර් තබා තිබුනද බොහෝ විට ජනකවි වර්තමානය දක්වා පැවත එන්නේ කටවහරිනි. මෙම ජනකවි සාහිත්‍ය එතරම්ම සුවිශේෂී කලාවක් වන්නේ එබැවිනි.

එයිතිහාසික මූලාශ්‍ර වලට අනුව බලන කල්හි සිංහල ජනකවිය සිංහල ජාතිය තරමටම පැරණි බව ජනකවියේ ඉතිහාසය පිරික්සා බැලීමේදී හදුනාගත හැකි වේ. පැරණිම ජනකවි හමු වන්නේ සීගිරි ගී රචකයින් අතරින්‍ ය. මෙම සීගිරි ගී රචකයන් පිළිබඳ විමසීමේ දී භික්ෂූන් වහන්සේලා, රජවර,කුමාරවරු, ගුරුවරු සහ වෙළෙන්දන් හදුනාගත හැකිය. නමුත් ගොවියන් හෝ පොදු ජනයා ඒ අතර දක්නට නැත. එහෙත් ගැමි දිවියෙන් උකහා ගන්නා ලද උපමා,රූපක ආදිය මෙම කවි තුළ අන්තර්ගත කර තිබේ. එමගින් අපට පැමිණිය හැකි නිගමනය නම් ගොවි ජනයා සහ ජන කවිය අතර අවියෝජනීය බැදීමක් පවතින බවයි.
ඈත අතීතයේ මිනිසා තම ජීවිකාව රැක ගැනීම උදෙසා ඉතාමත් අසීරු මෙන්ම බැරෑරුම් වෘත්තීන්වල නියැලීමට සිදු විය. ඒ අතර කෘෂිකර්මාන්තය, පතල් කර්මාන්තය, ධීවර කර්මාන්තය, ගැල් යාම යනාදිය ප්‍රමුඛ විය. මෙම රැකියා මතුපිටින් පෙනෙන තරම් සුන්දර නොවීය. ඇතැම් වෘත්තීන් ජීවිතය සහ මරණය අතර කෙරෙන සටනක් මෙන් විය. කෙසේ වුවත් තම දරු පවුල රැක ගැනීම උදෙසා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එම රැකියාවේ නියැලීමට ඔවුන්ට සිදු විය. මේ නිසා රැකියාවේ පවත්නා බියකරු බව දුරු කර ගැනීමට, වෙහෙස නිවා ගැනීමට, පාළුව, තනිකම, කාන්සිය මකා ගැනීමට ආදී අරමුණු වෙනුවෙන් ජන ගී නිර්මාණය වී ඇත.

කෘෂිකර්මාන්තයේ දී තම අස්වැන්න වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම උදෙසා පැල් රැකීමට ගොවියාට සිදු විය. මෙම පැලෙහි තනිවම රැයක් ගත කරනවා යනු ඉතාමත් අපහසු මෙන්ම බියකරු රාජකාරියක් විය.ඒ මදිවට නිවසේ තනිව සිටිනා තම අඹුව සහ දරුවන් සිහි වීමද ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ බියක්ද ඔහු තුළ ඇති වේ. එසේම වන සතුන්ගෙන් තමාට යම් කරදරයක්, උපද්‍රවයක් සිදු වේ යැයි තවත් බියකි. මේ සියලුම දුක් දෝමනස්සයන් පලවා හැරීම උදෙසා පැල් කවිය මහගු පිටිවහලක් විය.

” හේනේ පැදුර සුළගට වැනි වැනීයෝ
වැවේ වතුර රැල්ලට සිදි සිදීයෝ
වෙලේ ගොයම පින්නට පැසි පැසීයෝ
අපේ මෙවන් දුක දෙවිදුට පෙනීයෝ ”

                මෙම පැල් කවිය තුළ ගොවියන් තම කෘෂිකර්මාන්තය උදෙසා බොහෝ දුක් කම්කටොලු වලට මුහුණ දෙන බව පෙන්වා තිබේ. එම දුක් දෙවියන්ට හෝ පෙනී තමාට යම් සහනයක හිමි වේවායි ඉල්ලා සිටී. මෙම කවිය තුළින් එකල ජනයා දෙවියන් විශ්වාස කළ බවද පෙන්වයි. එසේම සුළග , වැව, පින්න, ගොයම ආදිය ගොවියන් අතර නිතර දක්නට ලැබෙන වදන්‍ ය. එම වචන මෙම කවිය තුළද අන්තර්ගත කර තිබීම තුළ සරල බස් වහර මනාව පෙනේ. මෙලෙස ගොවියාගේ සිතට නැගෙන අඅපූරු අදහස් පද වලට පෙරලා කවියක් ලෙසින් සමාජගත වී ඇති ආකාරය පෙනේ. එසේම මෙම කවියට අසල හේනක පැල් රකින ගොවියෙක් ප්‍රතිචාර දැක්වීම සිදු වේ. එමගින් බිය සහ සාංකාව මැකී යාමද සිදු වේ.

” ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට
කන්නේ කරවලයි රට හාලේ බතට
බොන්නේ බොර දියයි පූරුවේ කල පවට
යන්නේ කවදාද මව්පියෝ දකින්නට”

පතල් කැනීම අතීතයේ සිටම ඉතාමත් බොහෝ දුෂ්කර ලෙස පවත්වාගෙන එන ලද රැකියාවකි. වර්තමානයේ මෙන් නොව අතීතයේ කිසිදු යන්ත්‍ර, සූත්‍ර භාවිතාවක් සිදු වූයේ නැත. ඒ වෙනුවට පතල් කැනීම සිදු කරන්නේ සම්පූර්ණ මිනිස් ශ්‍රමය භාවිතා කරමිනි. එම විඩාබර ක්‍රියාව ඉහත කවියෙන් මනාව ඔප් නැංවෙයි. එහිදී කවියට නංවා ඇත්තේ තමා පතල තුළ ගෙවන අමිහිරි ජීවන රටාවයි. කළු ගලක් යට ගෙවන ජීවිතය කිසිවිටෙකත් සුන්දර වන්නේ නැත. පතල යටට ගිය පසු නැවත උඩට පැමිණිය හැකි වේදැයි ඔවුන්ම දන්නේ නැත. ආහාරයක් වශයෙන් ගනු ලබන්නේ රට හාල් බතට කරවල හොදිය. බීමට ඇත්තේ බිර වූ දිය පොදක්‍ ය. තම නෑදෑයන්, හිතවතුන් බැලීමට යාමට ආසාවෙන් පසු වුවද පතලෙන් එලියට් පැමිණෙන දිනයක් නිශ්චිතව ප්‍රකාශ කල නොහැක. මෙම සියලුම දුක් කම්කටොළු මදකට හෝ නිවා ගනුයේ මෙවැනි කවි තුළින් මිනිසාගේ සිත අභ්‍යන්තරයේ පවත්නා සිතුවිලි වචන බවට පෙරලීමෙනි. එසේ බිහි වූ කවි පතල් කවි බවට පත් විය.

උගතුන් විසින් උගතුන් සදහා රචනා කරන ලද විවිධාකාර කවි අතරින් ජනකවිය වෙනස් වනුයේ ජනකවි තුළ දක්නට ලැබෙන අව්‍යාජත්වය, පුනරුක්තිය, අනුවේදනීයත්වය, සංයමය ආදී ලක්ෂණ නිසාය. ඉහතින් දක්වන ලද පරිදි වී ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කරගත් සරල කෘෂිකාර්මික සමාජය ජන කවිය සදහා උල්පත වූ බව නොඅනුමානය. ගොයම් කවි, නෙළුම් කවි, පැල් කවි, කුරක්කන් කවි ආදී වශයෙන් ජන කවියෙහි විවිධ ස්වරූප දැකගත හැක්කේ කෙත, හේන හා පැල ඇසුරු කොටගෙනය. මෙම ජන ගී වල නිර්මාණාත්මක ලක්ෂණ බොහෝමයක් ද ගැබ් වී තිබේ. එමගින් පෙනී යන්නේ අතීතයේ නිර්මාණශීලී අදහස් සහිත පිරිස් අතරින් ජන ගී නිර්මාණය වූ බවයි.

වර්තමානට වන විට මෙම ජන කවි සාහිත්‍ය තරුණ පරම්පරාවෙන් ඈතට ඇදී යන බවක් දක්නට ලැබේ. විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සමග ජංගම දුරකථනය, පරිගණකය ආදී විද්‍යුත් මාධ්‍ය වලට ඇබ්බැහි වීම හේතුවෙන් ජන කවි පමණක් නොව දේශීය ජන සාහිත්‍ය කලාව යම්තරමක් දුරට ගිලිහී යන බවක් පෙනේ. නමුත් මෙම සාහිත්‍ය අපට එසේ අමතක කළ නොහැක. ඉතිහාසය අමතක කරමින් අනාගතයක් කරා ගමන් කිරීමට අපට නොහැක. එබැවින් මෙම ජන කවි සාහිත්‍ය පෙරට රැගෙන යාම වර්තමාන තරුණ පරම්පරාව සතු යුතුකමකි, වගකීමකි.

සනෝජා රංහොටිබණ්ඩාර.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000
New

Video Camara

රු15,000