/
/
title icon අම්බලන්තොටින් මත්කුඩු තොගයක් – ගෑස් සිලින්ඩරයක ප්‍රවාහනය කළ බවටත් තොරතුරු.
අම්බලන්තොටින් මත්කුඩු තොගයක් – ගෑස් සිලින්ඩරයක ප්‍රවාහනය කළ බවටත් තොරතුරු.
Editor
1 year ago
Share:
අම්බලන්තොටින් මත්කුඩු තොගයක් – ගෑස් සිලින්ඩරයක ප්‍රවාහනය කළ බවටත් තොරතුරු.

 

අගුණුකොළපැලැස්ස – මුලනගොඩ ප‍්‍රදේශයේදී රුපියල් කෝටි 6 ක් පමණ වටිනා හෙරොයින් කිලෝග‍්‍රෑම් 3 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද උදෑසන සිදුකළ වැටලීමකදී මෙම මත්කුඩු තොගය සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ අම්බලන්තොට – කොක්ගල්ල ප‍්‍රදේශයේ නිවසක තිබී හෙරොයින් කිලෝ 25 ක් ද සොයාගත් අතර, එහිදී කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුනා.

එම මත්කුඩු සමඟ අද අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය කුඩාවැල්ල ප‍්‍රදේශයේ සිට මුලනගොඩ දක්වා වෑල්ඩින් කිරීම සඳහා උපයෝගී කරගන්නා ගෑස් සිලින්ඩරයක් තුළ සඟවා රැගෙන විත් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

අනතුරුව අද අත්අඩංගුවට ගත් මත්කුඩු කිලෝ තුන අදාළ සැකකරු විසින් රැගෙන ඉතිරි කිලෝ විසි පහ අම්බලන්තොට – කොක්ගල්ල ප‍්‍රදේශයට රැගෙන ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම මත්කුඩු මුහුදු මාර්ගය ඔස්සේ රැගෙන එන්නට ඇති බවට පොලිසිය සැක කරනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required