English English සිංහල සිංහල தமிழ் தமிழ்

කැබිතිගොල්ලෑව සැරයන් ඝාතනයේ ප‍්‍රධාන සැකකරු ඇතුළු හයක් රිමාන්ඩ්.

Facebook
Twitter
LinkedIn

 

කැබිතිගොල්ලෑව ප‍්‍රදේශයේදී ප‍්‍රචණ්ඩකාරි පිරිසකගේ පහරදීමක් හේතුවෙන් මියගිය පොලිස් සැරයන්වරයාගේ ඝාතනයේ ප‍්‍රධාන සැකකරු ඇතුලූ හයදෙනෙකු මේ මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ සැකකරුවන් කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් කසුන් කාංචන දසනායක හමුවට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මීට පෙර මෙම සිද්ධියට අත්අඩංගුවට ගත් හිමිනමක ඇතුලූ 13 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඊයේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පිරිස අතර යුද හමුදාවේ හිටපු සෙබළෙකු සහ සිවිල් ආරක්ෂක බලකා සෙබළෙකුද වනවා.

වන අලියෙකු පහරදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියකට එරෙහිව පසුගිය සඳුදා රාත‍්‍රියේ කැබිතිගොල්ලෑව – රඹකැපූවැව මංසන්ධියේදී විරෝධතාවක් පැවති අතර එය පාලනය කිරීමට පොලිසිය එම ස්ථානයට පැමිණීමත් සමඟ ඇතිවූ උණුසුම් තත්වය අතරතුරයි මෙම පහරදීම සිදුව තිබුණේ.

මේ අතර වන අලි පළවා හැරීම පිළිබඳව ග‍්‍රාම නිලධාරීවරයා ඇතුලූ ගොවි ජන සංවිධානවල සහභාගීත්වයෙන් ඒකාබද්ධ මෙහෙයුම් වැඩසටහනක් කඩිනමින් ආරම්භ කිරීමට වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ, මෙරට වන අලි ගැටළුව සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර, පොළොන්නරුව, අනුරාධපුර, අම්පාර, මොණරාගල ඇතුලූ දිස්ත‍්‍රික්ක කිහිපයක දිස්ත‍්‍රික් ලේකම්වරුන් සමඟ ඊයේ සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදියි.

එසේම නව විදුලි වැටවල් ඉදිකිරීම සඳහා අවශ්‍ය උපකරණ හා යෙදවුම් ප‍්‍රාදේශීය, දිස්ත‍්‍රික් ලේකම්වරුන් සහ ගොවි සංවිධාන මගින් ලබාදීමටද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රා හේරත් මෙහිදී ප‍්‍රකාශ කළේ මෙරට අලි මංකඩ 16 න් බහුතරයක් මිනිසුන් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන පදිංචිවී සිටින බවත්, ඇතමුන් ඒවායේ වගා කටයුතුවල නිරත බවයි.

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ අලි මංකඩ හතරම මිනිසුන් විසින් අත්පත් කරගෙන ඇති බැවින් එය දිස්ත‍්‍රික්කයේ වන අලි ප‍්‍රහාර ඉහළ යාමට හේතුවී තිබෙනවා.

එසේම යාන්ඔය ජලාශය ඉදි කරන අවස්ථාවේ කිලෝමීටර 83 ක විදුලි වැටක් ඉදිකරන බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළද එය මේ දක්වා ඉටුවී නොමැති බවද මෙහිදී හෙළිවුණා.

වනජීවී අමාත්‍යාංශය සඳහන් කළේ වනාන්තරවලට ගවයින් මුදාහැරීම වැළැක්වීම, මෙන්ම වන අලින්ගේ ආහාරවලට හානි වන පරිදි වැවෙන ගඳපාන වැනි ආක‍්‍රමණික ශාක ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් ආරම්භ කිරීමටද මෙම සාකච්ඡුාවේදි තීරණය වූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000