English English සිංහල සිංහල தமிழ் தமிழ்

ශ‍්‍රී ලංකාවේ 26% කට මානුෂිය ආධාර අවශ්‍යයි – ජගත් සංවිධානය.

Facebook
Twitter
LinkedIn

 

අවම වශයෙන් ශ‍්‍රී ලංකාවේ මිලියන 5.7 ක ජනතාවකට මානුෂිය ආධාර අවශ්‍ය බව මානුෂිය කටයුතු සම්බන්ධීකරණය සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්යාලය පවසනවා.

එය මෙරට ජනගහණයෙන් සියයට 26 කට සමාන වන අතර, කුටුම්භ අංශයෙන් සියයට 96 ක් පීඩාවට පත්ව සිටින බවයි එම කාර්යාලය ඊයේ නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ. මෙය සැකසීම සඳහා පළාත් නවයක දිස්ත‍්‍රික්ක 11 ක ගෘහ 2,871 ක් යොදාගෙන තිබෙනවා.

පවතින ආර්ථික අර්බුදය හමුවේ ආහාර, ඖෂධ සහ එදිනෙදා ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය සපුරාගැනීම දුෂ්කර වී ඇති බවයි එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.

මෙම ගැටළුව කඩිනමින් විසඳීමට පියවර නොගතහොත් මානුෂිය ආධාර අවශ්‍ය කෙරෙන සංඛ්‍යාව මිලියන 12 දක්වා දෙගුණ විය හැකි බවයි මානුෂිය කටයුතු සම්බන්ධීකරණය සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්යාලය අනතුරු අඟවන්නේ.

එසේම ආර්ථික දුෂ්කරතාවලට මුහුණදෙන පවුල් ඒකකවල ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම්වලට මෙම තත්වය දැඩි බලපෑම් කර ඇති බව එම වාර්තාවේ දැක්වෙනවා.

කෘෂිකර්මාන්තය කඩාවැටීමද මෙම තත්වය උග‍්‍රවීමට තවත් හේතුවක්.

මෙම තත්වය දරිද්‍රතාව දක්වා මෙරට ජනතාව රැගෙන යනු ඇති බව සඳහන් කරන මානුෂිය කටයුතු සම්බන්ධීකරණය සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්යාලය දැනටමත් පවුල් ඒකක ලබාගන්නා ආහාර වේල් සංඛ්‍යාව අඩුකර ඇති බව පෙන්වා දෙනවා.

එසේම ඖෂධ නියමිත වේලාවට ලබා නොගැනීම, දරුවන් පාසල්වලට නොයවා රැකියාවල යෙදවීම මෙන්ම තමන් සතු වත්කම් විකුණා දැමීමද සිදුකරන බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

එසේම ආර්ථික දුෂ්කරතා හේතුවෙන් සොරකම් වැඩිවී ඇති අතර, ජනතාව ඒවායේ වින්දිතයෙකු වීමද දැකගත හැකි බවයි මානුෂිය කටයුතු සම්බන්ධීකරණය සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්යාලය සඳහන් කළේ.

එසේම විදේශ රටවල පදිංචිය සඳහා පිටත්ව යෑම හෝ රැකියා සඳහා ජනතාව විදෙස් ගතවීමේ ප‍්‍රවණතාව ඉහළ ගොස් ඇති බව සඳහන් කරන එම කාර්යාලය පවුල් ඒකක කඩාවැටීමටද මෙම තත්වය හේතු වී ඇති බවයි පෙන්වා දෙන්නේ.

ආර්ථික අර්බුදය හමුවේ මෙරට සෞඛ්‍ය පද්ධතියද මේ වනවිට අර්බුදකාරී තත්වයක පවතින බව එම වාර්තාවේ තවදුරටත් දැක්වෙනවා.

මේ අතර ජාත්‍යන්තර විගණන ආයතනයක් වන ස්ටෑන්ඩර්ඞ් ඇන්ඞ් පුවර්ස් හෙවත් එස්.ඇන්ඞ් පී ශ්‍රේණි ගතකිරීම්වලට අනුව ශ‍්‍රී ලංකාවේ බැඳුම්කර, සී ශ්‍රේණියේ සිට ඩී ශ්‍රේණිය දක්වා පහත දමා තිබෙනවා.

බැඳුම්කර සඳහා වන ගෙවීම් නියමිත කාල සීමාව තුළ සිදු කළ නොහැකි බවට වන අවිනිශ්චිත තත්වය හේතුවෙනුයි මෙලෙස එම ශ්‍රේණි ගත කිරීම් පහත දමා ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000