English English සිංහල සිංහල தமிழ் தமிழ்

ගෑස් හිඟයක් නැහැ – මිල සංශෝධනය අනිද්දා ලිට්රෝ සමාගමෙන් සහතිකයක්.

Facebook
Twitter
LinkedIn

 

තම සමාගම සතුව ප‍්‍රමාණවත් තරම් ගෑස් තොග පවතින බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.

කොළඹ අද (04) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ වෙළඳපලේ මේ වනවිට පවතින ගෑස් හිඟය මතුව ඇත්තේ අලෙවි නියෝජිතයින්, මිල අඩුවන බවට පළවන වාර්තා සැළකිල්ලට ගෙන තොග ඇණවුම් කිරීම ප‍්‍රමාද කිරීම හේතුවෙන් බවයි.

කෙසේ වෙතත් අනිද්දා ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ප‍්‍රකාශයට පත් කරන බවද සභාපතිවරයා එහිදී තවදුරටත් කියා සිටියා.

එසේම 2024 අප්‍රේල් මාසය වනතෙක් රට තුළ කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බවයි ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් ප‍්‍රකාශ කළේ.

මේ අතර දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක ඉන්ධන පිරවුම්හල් අසළ යළිත් වරක් දිගු පෝලිම් දක්නට ලැබෙනවා.

ඇතැම් පිරවුම්හල් හිමියන් ඉන්ධන නොමැති බව සඳහන් කරමින් දැන්වීම් පුවරු ප‍්‍රදර්ශනය කර ඇති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ සඳහන් කළේ ඉන්ධන මිල සංශෝධනය වේ යැයි උපකල්පනය මත පිරවුම්හල් හිමියන් ඉන්ධන ඇණවුම් නොකිරීමේ තත්වයක් හටගෙන ඇති බවයි.

කෙසේ වෙතත් මෙම සතිය තුළ ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු නොවන බවද විෂයභාර අමාත්‍යවරයා නිකුත් කළ සිය ට්විටර් පණිවුඩයේ සඳහන්.

එසේම භූමිතෙල් සහ ඩීසල් ඉහළ යාම හේතුවෙන් බහුදින ධීවරයින් සුළු පන්න ධීවරයින් දැඩි පීඩාවකට පත්ව ඇති බව සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ කැඳවුම්කරු රත්න ගමගේ ගාල්ල ප‍්‍රදේශයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඊයේ කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000