/
/
title icon දිස්ත‍්‍රික්ක 03 කට යූරියා පොහොර එකවර බෙදයි.
දිස්ත‍්‍රික්ක 03 කට යූරියා පොහොර එකවර බෙදයි.
Editor
1 year ago
Share:
දිස්ත‍්‍රික්ක 03 කට යූරියා පොහොර එකවර බෙදයි.

 

වී වගාව සඳහා අවශ්‍ය යූරියා පොහොර සම්පූර්ණ ප‍්‍රමාණයම එකවර මඩකලපුව, අම්පාර සහ ත‍්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට යොමු කරන බව කෘෂිකර්ම, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර ප‍්‍රකාශ කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ මේ වනවිටත් දිවයිනේ පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන 566 ක් සඳහා අවශ්‍ය පොහොර ලබාදී ඇති බවයි.

එමෙන්ම නැගෙනහිර පළාතේ දිස්ත‍්‍රික්ක 3 හැර අනෙකුත් දිස්ත‍්‍රික්ක සියල්ලටම දෙවන සහ තුන්වන පොහොර මුර සඳහා අවශ්‍ය යූරියා සමඟ එම්. ඕ.පී. හෙවත් මඩපොහොර එකවර ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

මේ අතර මඩකලපුවේ පිහිටි ලංකා පොහොර ගබඩාවෙන් යූරියා පොහොර නිකුත් කිරීමද අද සිදුකෙරෙන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required