/
/
title icon පේරාදෙණිය සරසවියේ විනය පාලකගෙන් නවක වදය ගැන පොලීසියට පැමිණිල්ලක්.
පේරාදෙණිය සරසවියේ විනය පාලකගෙන් නවක වදය ගැන පොලීසියට පැමිණිල්ලක්.
Editor
1 year ago
Share:
පේරාදෙණිය සරසවියේ විනය පාලකගෙන් නවක වදය ගැන පොලීසියට පැමිණිල්ලක්.

සමාජ මාධ්‍ය ඔස්සේ අසභ්‍ය දර්ශන හුවමාරු කරමින් සිදුකළ නවක වදයට සම්බන්ධ ක්‍රියාවක් පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනයාරක්ෂක නිලධාරියා විසින් පේරාදෙණිය පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ පළමු වසර සිසුවෙකුට ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් වට්ස් ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ ඇමතුම් ලබා ගනිමින් අසභ්‍ය වීඩියෝ පට හුවමාරු කරමින් මෙය සිදුකර ඇති බව සඳහන්.

ඒ පිළිබඳවඑම සිසුවා විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවියට මාර්ගගත ක‍්‍රමය ඔස්සේ පැමිණිලි කර ඊට අදාළ හඬපට සහ වීඩියෝපට විනය පාලක වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

නවකවදය මුල් කර ගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුල මින් පෙරද අවස්ථා කිහිපයකදීම ගැටුම් හට ගත් අතර, එහි ප‍්‍රතිඵලයක් ලෙස දේශන සඳහා සහභාගි වීමද ආචාර්ය මණ්ඩලය විසින් වර්ජනය කරනු ලැබුවා.

මේ අතර, කැළණිය විශ්වවිද්‍යාලය තුල ද නවකවදය සම්බන්ධ සිදුවීම් කිහිපයක් පසුගියදා වාර්තා වුණා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කළමනාකරණ පීඨයේ හිටපු සභාපති අනුරාධ නුවන් කියා සිටියේ විශ්වවිද්‍යාලය තුල නවක සිසුන්ගේ ඉගෙන ගැනීමේ සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය වත්මන් මහා ශිෂ්‍ය සංගමය විසින් අහිමි කර ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required