English English සිංහල සිංහල தமிழ் தமிழ்

ගෑස් මිල සංශෝධනය අද.

Facebook
Twitter
LinkedIn

ගෑස් මිල සංශෝධනයක් අද දිනයේදී සිදු කිරීමට අපේක්ෂා කරන බව ලිට්රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පසුගියදා මේ බව කියා සිටියා.

එසේම, ඔහු එහිදී කියා සිටියේ තම සමාගම සතුව ප‍්‍රමාණවත් තරම් ගෑස් තොග පවතින බවයි. වෙළඳපලේ මේ වනවිට පවතින ගෑස් හිඟය මතුව ඇත්තේ අලෙවි නියෝජිතයින්, මිල අඩුවන බවට පළවන වාර්තා සැළකිල්ලට ගෙන තොග ඇණවුම් කිරීම ප‍්‍රමාද කිරීම හේතුවෙන් බවද සභාපතිවරයා එහිදී සඳහන් කළා.

මේ අතර, මෙම සතියේ ඉන්ධන මිලෙහි සශෝධනයක් සිදුවෙතැයි අපේක්ෂාවෙන් ඉන්ධන පිරවුම්හල් හිමියන් බොහෝ පිරිසක් ඇණවුම් සීමිත කර තිබූ අතර එමඟින් කොළඹ ඇතුළු ප‍්‍රදේශ කිහිපයක ඉන්ධනහල් ආශ‍්‍රිතව පෝලිම් හටගෙන තිබූ බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

කෙසේ වෙතත්, මේ වනවිට ඉන්ධන පිරවුම්හල් හිමියන් ඉන්ධන සාමාන්‍ය පරිදි යළිත් ඇණවුම් කරමින් සිටින බව ලංකා පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව ඉන්ධනහල් ආශ‍්‍රිතව හටගෙන ඇති රථවාහන පෝලිම් කඩිනමින් මග හැරී යනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

එසේම, මෙම සතිය තුල ඉන්ධන මිලේ සංශෝධනයක් සිදුනොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පසුගිය 03 වැනිදා ප‍්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000