/
/
title icon කාන්තාවකට අතවර කළ ධනුෂ්ක ගුණතිලක ඕස්⁣ට්‍රේලියාවේදී අත්අඩංගුවට.
කාන්තාවකට අතවර කළ ධනුෂ්ක ගුණතිලක ඕස්⁣ට්‍රේලියාවේදී අත්අඩංගුවට.
Editor
1 year ago
Share:
කාන්තාවකට අතවර කළ ධනුෂ්ක ගුණතිලක ඕස්⁣ට්‍රේලියාවේදී අත්අඩංගුවට.

 

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් මේ බව සනාථ කළ අතර, කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුවයි ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එම කාන්තාවට අතවර කළ බවට පැමිණිල්ලේ සඳහන් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මීට සති තුනකට පමණ පෙර ඇතිවූ ආබාධ තත්වයක් හේතුවෙන් පන්දුවාර විස්ස ලෝක කුසලානයට සහභාගි වූ ධනුෂ්ක ගුණතිලක ක‍්‍රීඩා නොකළ අතර, ඔහු වෙනුවට අශේන් බණ්ඩාර කණ්ඩායමට කැඳවනු ලැබුවා.

කෙසේ වෙතත් ධනුෂ්ක ගුණතිලක යළි මෙරටට කැඳවීමකින් තොරව සංචිතය සමඟ රඳවා ගැනීමටයි ක‍්‍රිකට් බලධාරීන් කටයුතු කළේ.

ධනුෂ්ක ගුණතිලක නොමැතිව ශ‍්‍රී ලංකා කණ්ඩායම අද අලුයම ඕස්⁣ට්‍රේලියාවෙන් පිටත්ව ඇති අතර, ඔවුන් අද දිවයිනට පැමිණීමට නියමිතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required