English English සිංහල සිංහල தமிழ் தமிழ்

මේ ඇප් ගැන හරියට දැනගෙන වැඩ කළොත් ගොඩ.

Facebook
Twitter
LinkedIn

අද මම ලියන්නේ අධ්‍යාපනයට පහසු කරනවන මෘදුකාංග කිහිපයක් පිළිබඳවයි. වර්තමානයේ පාසල් අධ්‍යාපන , උසස් අධ්‍යාපනට හදාරන සිසුන් වැඩිපුරම මුහුණ දෙන ගැටලුවක් තමයි ස්මාර්ට් ජංගම දුරකථනයට අනවශ්‍ය ලෙස ඇබ්බැහි වී සිටීම. විශේෂයෙන්ම කොවිඩ් – 19 සමයෙන් පසුව ෆේස්බුක් , වට්සැප් වැනි සමාජ මාධ්‍ය භාවිතා කිරීම සිසුන් අතර ජනප්‍රිය වන්නට විය.

එකල මෙහි යහපත් පැතිකඩක් තිබු නමුදු වර්තමානය වන විට අනවශ්‍ය ලෙස මෙම සමාජ මාධ්‍ය කෙරෙහි ඇබ්බැහි වීම සමාජ ගැටලුවක් ව පවතී. එම ගැටලුව නිසා පාසල් යන වයසේ පසුවන දරුවන් පාසල් නිල ඇදුම භාවිතා කරමින් වුවද ටික් ටොක්, යූ ටියුබ් ආදී සමාජ මාධ්‍යන්හි ජනප්‍රිය වන වීඩියෝ කිරීමට දෙවරක් සිතා බලන්නේ නැත.

නමුත් අධ්‍යාපනික වශයෙන් ස්මාර්ට් උපාංග ප්‍රයෝජනවත් ලෙස භාවිතා කිරීමටද විශාල ඉඩ ප්‍රස්තාවක් ඒ තුළින් ලබා දී තිබේ. විශේෂයෙන්ම මේ පිළිබඳව දැනුවත් භාවයක් නොමැති පිරිසක්ද සිටී.
ප්‍රධාන සමාජ මාධ්‍යක් වන යූ ටියුබ් හරහා ඕනෑම ආකාරයක අධ්‍යාපනයක් හදාරන අයකුට තමන්ගේ අධ්‍යාපන කටයුතු වලට අවශ්‍ය තොරතුරු ලබා ගත හැක. විශේෂයෙන්ම ඉංග්‍රීසී භාෂාව , IT දැනුම ආදිය වර්ධනය කර ගැනීමට යූ ටියුබ් මාධ්‍ය හොදම තෝතැන්නකි.

google translate ඇතුළු එවැනි Translate කටයුතු සිදු කරන මෘදුකාංගයන්ද රාශ්‍රියක් තිබේ. තවද Exam hub, SL education , Dp education වැනි මෘදුකාංග සාමාන්‍ය පෙළ , උසස් පෙළ හදාරන සිසුන්ට තමන්ගේ අධ්‍යාපන කටයුතු සදහා භාවිතා කළ හැක.

එමෙන්ම ෆේස්බුක් වැනි ජනප්‍රිය සමාජ මාධ්‍ය වුවද අමතට දැනුම සොයා ගැනීමට, බෙදා හදා ගැනීමට භාවිතා කළ හැක.
තවද ජංගම දුරකථනයේ විවිධ මෘදුකාංග මගින් පරිගණකය භාවිතයෙන් සිදු කරන ක්‍රියාකාරකම් කර ගැනීමේ පහසුවද පවතී. Office app, email , camscanner, canva එවැනි මෘදුකාංග වලට නිදසුන් කිහිපයක් පමණි.

ඒ අනුව ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතයේදී එය සමාජ මාධ්‍ය භාවිතයට පමණක් සීමා නොකර අධ්‍යාපන කටයුතු සදහාද යම් ආකාරයක ප්‍රයෝජනයක් ලැබෙන ලෙසින් හාවිතා කරන්නේ නම් වඩාත් සුදුසු වේ.

දිල්කි රත්නායක.


 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000