/
/
title icon ශ්‍රී ලංකාවේ ණය ගැන දෙවන වටයේ සාකච්ඡා සුබවාදීව අවසන්.
ශ්‍රී ලංකාවේ ණය ගැන දෙවන වටයේ සාකච්ඡා සුබවාදීව අවසන්.
Editor
1 year ago
Share:
ශ්‍රී ලංකාවේ ණය ගැන දෙවන වටයේ සාකච්ඡා සුබවාදීව අවසන්.

 

මෙරට ණය හිමියන් සමඟ පැවති දෙවන වටයේ සාකච්ඡා සුබවාදී අවසානයක් කරා එළඹි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ප‍්‍රකාශ කළා.

චීනය ඉන්දියාව සහ ජපානය ඇතුළු බහුතර ණය හිමියන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවට නීති උපදේශකයන් සහ මූල්‍ය උපදේශකයන්ගේද සහය ලබා ගත් බවයි නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය ඔහු කියා සිටියේ.

පසුගිය මාර්තු මාසයේ සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ආධාර වැඩසටහනට ඇතුළත්වීම සඳහා අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ රැසක් රට තුළ සිදු කර ඇති බවද රජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා.

මේ අතර ණය ප‍්‍රතිව්‍යුහගතකරණයට අදාළව කිසිදු රටක් කොන්දේසි ඉදිරිපත් කර නොමැති බව අවධාරණය කළ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ තවදුරටත් කියා සිටියේ ණය හිමියන් මෙරටට පිටුපානු ඇතැයි රජය විශ්වාස නොකරන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required