English English සිංහල සිංහල தமிழ் தமிழ்

ජනපති රනිල්, ජගත් මහ ලේකම් ගුටේරස් හමුවෙයි.

Facebook
Twitter
LinkedIn

 

ඊජිප්තුවට ළඟා වූ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් හමුවී තිබෙනවා.

ජාතික පාරිසරික ප‍්‍රතිපත්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ සැලසුම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් එහි දී එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා දැනුවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව හෙවත් ‘‘කොප් ටුවෙන්ටි සෙවන්’’ සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ඊජිප්තුව බලා පිටත්ව ගියේ අද අළුයමයි.

දේශගුණ විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ පාර්ශවයන්ගේ 27 වන සමුළුව ඊජිප්තුවේ ෂාම් එල් ෂෙයික් හි ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේදී හෙට සිට ලබන 18 වනදා දක්වා පැවැත්වෙනවා.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහද මෙම සමුළුව ඇමතීමට නියමිත අතර මීට සමගාමීව ගෝලීය ආහාර සුරක්ෂිතතා සමුළුවට සහ ලෝක නායකයින්ගේ සමුළුවට ද ජනාධිපතිවරයා සහභාගී වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර අපනයනය මූලික කරගත් ඍජු විදේශ ආයෝජන වැඩිදියුණු කිරීම සඳහා කලාපීය සහ ගෝලීය සැපයුම් දාමයන් වෙත පිවිසීම සහ දේශීය ආර්ථිකය යළි ගොඩනැංවීමේ රජයේ ආර්ථික වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, ජාතික වෙළඳ සාකච්ඡා කමිටුවේ නිලධාරීන් සමඟ ඊයේ පැවති සාකච්ඡාවකදියි.

මෙහිදි ජනාධිපතිවරයා කියා සිටියේ අන්තර්ජාතික වෙළඳාම, එහි ප‍්‍රමුඛතාවන් අනුව පෙළගැස්විය යුතු බවයි. එමෙන්ම ඍජු විදේශ ආයෝජන ආකර්ශනය කරගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ උපරිමව ක‍්‍රියාත්මක කරන ලෙසද ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000