English English සිංහල සිංහල தமிழ் தமிழ்

අතවර චෝදනාවට හෙට ධනිෂ්ක අධිකරණයට.

Facebook
Twitter
LinkedIn

කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන ඇති ධනිෂ්ක ගුණතිලකට එරෙහිව චෝදනා 04ක් ඔස්සේ ඕ⁣ස්ට්‍රේලියානු පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ධනිෂ්ක ගුණතිලක මේ වන විට සිඩ්නි පොලිසියේ රඳවා ඇති අතර ඔහුට පොලිස් ඇප ලබාදීම ප‍්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි ධනිෂ්ක ගුණතිලක තරගාවලිය අතරතුරේදී ආබාධයකට ලක්ව අතිරේක ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් කෙරුණා.

ඔහු වෙනුවට අශේන් බණ්ඩාර සංචිතයට එක් කෙරුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය තීරණය කළේ ධනිෂ්කව ශ‍්‍රී ලංකාව බලා පිටත් නොකර සංචිතය තුළ තවදුරටත් රඳවා ගැනීමටයි.

ධනිෂ්ක ගුණතිලකගේ ආබාධ තත්වය ඉක්මණින් සුව අතට පැමිණීම හේතුවෙන් අතිරේක ක‍්‍රිඩකයෙකු ලෙස සංචිතයේ තබාගැනීමේ අරමුණින්, ඔහු ඕස්⁣ට්‍රේලියාවේ රඳවාගත් බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

ඒ අතරවාරයේදී පුහුණුවීම් වලට එක්වනවාට වඩා ප‍්‍රිය සම්භාෂණ වලට සහභාගි වී එම ඡායාරූප සමාජ මාධ්‍යයට එක්කරමින් ධනිෂ්ක නිදහසේ කාලය ගත කර තිබෙනවා.

මේ අතර 29 හැවිරිදි කන්තාවක් සිඞ්නි නුවර පොලිසියට පැමිණිලි කර ඇත්තේ රෝස් බේ ප‍්‍රදේශයේ පිහිටි සිය නිවසේ දි පසුගිය දෙවැනිදා ධනිෂ්ක ගුණතිලක අවස්ථා 04 කදී සිය කැමැත්තෙන් තොරව තමාට ලිංගික අතවර සිදු කළ බවයි.

මීට සති කිහිපයකට පෙර ඩේටින් ඇප් හෙවත් මිතුරු මිතුරියන් ඇසුරු කිරීමේ මෘදුකාංගයක් ඔස්සේ ධනිෂ්ක සහ තමන් එකිනෙකා හදුනාගත් බවයි එම කාන්තාව පොලිසියට පවසා ඇත්තේ.

එවන් පසුබිමක් තුළ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරින් වාර්තා වුණේ කාන්තාවකට අතවර කිරීමක් සම්බන්ධයෙන් ධනිෂ්ක ගුණතිලක සිඩ්නි නුවර පොලිසිය අත්අඩංගුවට ගත් බවයි.

ඒ අනුව ඊයේ පැවති එංගලන්ත ශ්‍රී ලංකා තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම නැවති සිටි සසෙක්ස් හි පිහිටි හෝටලයේදි ඕස්⁣ට්‍රේලියාවේ සසෙක්ස් ප‍්‍රාන්ත පොලිසියේ ලිංගික අපරාධ ඒකකය විසින් අද අළුයම 01 කට පමණ ධනිෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කළේ ධනිෂ්ක හෙට සිඩ්නි නුවර වැවර්ලි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

ධනිෂ්ක ගුණතිලක පිලිබදව කඩිනම් පරීක්ෂණ ආරම්භ කර, ඔහු වරදකරු වුවහොත් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවද ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කර තිබුණේ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා ඒ පිළිබද සිදුකළ කරුණු විමසීමට ප‍්‍රතිචාර දක්වමින්.

විනය විරෝධී ලෙස හැසිරෙමින් මෙරට ක්‍රිකට් නාමයට කළු පැල්ලම් එක් කිරීමට ධනිෂ්ක ගුණතිලක මීට පෙර ද කටයුතු කර තිබුණා. 2017 වසරේදී ඉන්දියාව සමඟ පැවති තරගාවලියක් අතරතුරදී රාත්‍රි සාදයකට සහභාගි වී පසුදින උදෑසන පුහුණු සැසියක් මග හැරීම හේතුවෙන් මාස 06 ක තරඟ තහනමක් ද මොහුට පනවා තිබුණා.

අනතුරුව 2018 වසරේදි ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය අතරතුර ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටි හෝටලයට අවසරකයින් තොරව පිටස්තර පුද්ගලයෙකු ගෙන්වා ගැනීමත් ක්‍රීඩක විනය නීති මාලාව බිදදැමීමත් සම්බන්ධයෙන් ද ධනිෂ්කට චෝදනා එල්ල වී තිබුණා.

පසුගිය වසරේ එංගලන්තය සමග තරග සංචාරයේදී ජෛව ආරක්ෂිත බුබුලෙන් පිටතට පැමිණ මාර්ගයක බීමතින් තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු සමගින් ඉබාගාතේ ගමන් කිරීම සහ විනය කඩකිරීම ඇතුළු චෝදනා කිහිපයකට වරදකරු වූ ධනිෂ්කට වසරක තරග තහනමක් පැනවීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබුණේ.

නමුත් එම තහනම අතරමග අත්හිටුවීමට ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

ඊට අමතරව මාතර ප‍්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවකයදී බීමතින් තරුණියකට හිරිහැර කිරීමට ධනිෂ්ක ගුණතිලක ගත් උත්සහයක ප‍්‍රතිඵලය වුයේ ඔහු ගුටි බැට ප‍්‍රහාරයකට ලක්ව ප‍්‍රතිකාර ගැනීමට සිදුවීමයි.

කෙසේ වෙතත් අදාල චෝදනාව සම්බන්ධයෙන් ධනිෂ්ක වරදකරු වුවහොත් ඔහුට එරටදී සිරදඩුවම් පවා විදින්නට සිදුවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000