/
/
title icon ධනිෂ්ක ගැන මහේල කට අරී.
ධනිෂ්ක ගැන මහේල කට අරී.
Editor
1 year ago
Share:
ධනිෂ්ක ගැන මහේල කට අරී.

 

වෘත්තිය ක‍්‍රීඩකයන් සිය පෞද්ගලික හැසිරීම සම්බන්ධයෙන් වගකීම භාරගත යුතු බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු, හිටපු ක‍්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ශ‍්‍රී ලංකා කණ්ඩායම සමඟ අද යළි දිවයිනට පැමිණි අවස්ථාවේ ධනිෂ්ක ගුණතිලකගේ සිද්ධිය පිළිබඳ මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්ණයකට පිලිතුරු ලබාදෙමින්. මෙහිදී මහේල ජයවර්ධන වැඩිදුරටත් කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කණගාටු වන බවයි.

කෙසේ වෙතත් ක‍්‍රිකට් කණ්ඩායමේ මානසිකත්වයට මෙම සිදුවීමෙන් බලපෑමක් නොවන බවද ඔහු කියා සිටියා.

මේ අතර ලෝක කුසලාන පන්දු වාර විස්ස තරගාවලියට සහභාගිවීම සඳහා ඕස්ට්‍රේලියාව බලා ගොස් සිටි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම අද පෙරවරුවේ දිවයිනට පැමිණියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required