English English සිංහල සිංහල தமிழ் தமிழ்

බස්නාහිර ත්‍රීරෝද රථවලට අද සිට ඉන්ධන කෝටාව ඉහළට.

Facebook
Twitter
LinkedIn

 

බස්නාහිර පළාතේ ලියාපදිංචි වූ වෘත්තීය ත්‍රීරෝද රථ වලට සතියකට ලීටර් 10ක ඉන්ධන කෝටාවක් ලබාදීම අද සිට ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප‍්‍රකාශ කළා.

ත්‍රීරෝද රථ සඳහා දැනට පවතින්නේ ලීටර 5ක ඉන්ධන කෝටාවක් වන අතර ත‍්‍රිරෝද රථ නියාමන වැඩසටහන යටතේ පළමු අදියරේදී බස්නාහිර පළාතේ ලියාපදිංචි වන වෘත්තීය ත්‍රීරෝද රථ සඳහා අමතර ලීටර 5ක් ද ලබා දීමට පසුගියදා තීරණය කළා.

ඒ අනුව පසුගිය පළමුවනදා සිට ත්‍රීරෝද රථ ලියාපදිංචිය බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය විසින් ආරම්භ කළ අතර මේ දක්වා ති‍්‍රරෝද රථ 9,000 ක් පමණ ලියාපදිංචි වී තිබෙනවා.

එලෙස ලියාපදිංචි වූ වෘත්තීය ත්‍රීරෝද රථ සඳහා පමණක් වැඩි කළ ලීටර 5ක ඉන්ධන කෝටාවද සමඟ ලීටර 10ක් ලබා ගැනීමට අවස්ථාව පවතිනවා.

අමතර ලීටර් 05 ක ඉන්ධන කෝටාව ලබාගැනීම සඳහා ලියාපදිංචි වීමට තවදුරටත් අවස්ථාව පවතින බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය සඳහන් කළේ.

www.wptaxi.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා ලියාපදිංචි විය හැකියි. මෙම වැඩපිළිවෙළ කඩිනමින් සෙසු පළාත් තුළද ක‍්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000