English English සිංහල සිංහල தமிழ் தமிழ்

ධනිෂ්කට ඇප නැහැ – ක්‍රීඩාවත් තහනම් වෙයි.

Facebook
Twitter
LinkedIn

ස්ත‍්‍රී දූෂණ චෝදනාවකට අත්අඩංගුවට ගෙන රඳවා සිටින ධනිෂ්ක ගුණතිලකට ඇප ලබාදීම සිඩ්නි නුවර විවර්ලි අධිකරණය යළි ප‍්‍රතික්ෂේප කළා.

ඒ, මාංචු සහිතව සිටි ධනිෂ්ක, වීඩීයෝ තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදියි.

මෙහිදී විනිසුරුවරයා නියෝග කළේ මොහුව සිඩ්නි හි පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමටයි.

මොහු පළමුවරට පැරමෙටා අධිකරණයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කළ අතර, ඔහුට ඇප ලබාදීම ප‍්‍රතික්ෂේප කර තිබුණා.

ධනිෂ්ක ගුණතිලක ඊයේ අලූයම එකට පමණ සසෙක්ස් ප‍්‍රාන්ත පොලිසියේ ලිංගික අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ, 29 හැවිරිදි කාන්තාවක් සිඞ්නි පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි.

එම පැමිණිල්ල මගින් දක්වා තිබුණේ සිඩ්නි නුවර රෝස් බේ ප‍්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ධනිෂ්ක ගුණතිලක විසින් අවස්ථා හතරකදී සිය කැමැත්තකින් තොරව ලිංගික අතවර සිදුකළ බවටයි.

පසුව සිඩ්නි පොලිසිය චෝදනා හතරක් යටතේ ධනිෂ්කට එරෙහිව පරීක්ෂණ ආරම්භ කළා.

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය ආරම්භයේදී ආබාධයට ලක්වූ ධනිෂ්ක ගුණතිලක සංචිතය තුළ රඳවාගැනීම පිළිබඳ මෙම සිද්ධියෙන් පසුව ප‍්‍රශ්න ගත තත්වයක් උද්ගත වුණා.

මේ අතර ක‍්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ධනිෂ්ක ගුණතිලකට පරීක්ෂණ අවසන් වනතුරු ක‍්‍රිකට් ක‍්‍රීඩාවට සම්බන්ධ සියලූ තරග සඳහා තහනමක් පැනවූ බවයි.

මෙම තීරණය අද රැස්වූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුව විසින් ගත් බව ද එම නිවේදනයේ සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000