/
/
title icon කන්දකාඩු සිද්ධිය ගැන ජනපති පූර්ණ වාර්තාවක් කැඳවයි.
කන්දකාඩු සිද්ධිය ගැන ජනපති පූර්ණ වාර්තාවක් කැඳවයි.
Editor
1 year ago
Share:
කන්දකාඩු සිද්ධිය ගැන ජනපති පූර්ණ වාර්තාවක් කැඳවයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවූ ගැටුම සහ රැඳවියන් පලායාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පූර්ණ වාර්තාවක් කැඳවා තිබෙනවා.

ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සමඟ පැවති සාකච්ඡාවකදී උපදෙස් ලබාදී ඇත්තේ යළි මෙවැනි සිදුවීමක් ඇති නොවීමට අවශ්‍ය පියවර නොගන්නා ලෙසටයි.

කන්දකාඩු ප‍්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙදෙනෙකු අතර ඊයේ රාත‍්‍රියේ ඇතිවූ බහින්බස්වීමක් ගැටුමක් දක්වා දුරදිග ගොස් තිබුණා.

පසුව එකිනෙකාට ගල්මුල් ප‍්‍රහාරද එල්ල කරගෙන තිබූ අතර, ඔවුන් අතරින් පිරිසක් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අවි ගබඩාවටද ඇතුලූවීමට උත්සාහ කළ බවටයි චෝදනා එල්ල වුණේ.

මෙම තත්වය පාලනය කිරීම සඳහා මධ්‍යස්ථානයේ ආරක්ෂාව භාරව සිටින තුන්වන කාලතුවක්කු බල ඇණියේ නිලධාරීන් අහසට වෙඩි තැබීමක්ද සිදුකළ බව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් ප‍්‍රකාශ කළා.

කෙසේ වෙතත් තත්වය පාලනය කිරීම සඳහා පසුව අමතර භටපිරිස් කැඳවීමටද පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ බලධාරීන් පියවර ගෙන තිබුණා.

එම ස්ථානයට ගිය අප වාර්තාකරු සඳහන් කළේ කළහකාරී තත්වය අතරතුර ඇතැම් රැඳවියන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දේපළවලටද හානි සිදුකළ බවයි.

එමෙන්ම හමුදා නිලධාරීන් පිරිසකටද පහරදී තිබූ බව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියා.

මෙම සිද්ධියෙන් යුද හමුදා සෙබළෙකු සහ රැඳවියන් සිව්දෙනෙකු තුවාල ලැබූ අතර, තවත් පිරිසක් පළාගොස් තිබුණා.

පලාගිය පිරිසෙන් 35 දෙනෙකු යළි පොලිසියට භාරවූ බවයි වාර්තා වුණේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required