/
/
title icon බිත්තර හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්.
බිත්තර හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්.
Editor
1 year ago
Share:
බිත්තර හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්.

බිත්තර තොග ලැබීමේ අඩුවක් පවතින බව වාර්තා වෙනවා.

මෙම තත්වය හමුවේ ලබන වසරේදී මෙරට බිත්තර හිඟයක් ඇති වීමට ඉඩ ඇති බව සමස්ත ලංකා කුකුළු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසනවා.

පසුගිය සමයේ සත්ව ආහාර ආනයනය කිරීම අඩුවීම සහ පැවති ආර්ථික දුෂ්කරතා හේතුවෙන් නිෂ්පාදකයින් සිය කර්මාන්තයෙන් ඉවත්වීම මීට හේතු වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පවතින තත්වය හමුවේ බිත්තර මිළ යළිත් ඉහළ යමින් පවතිනවා.

බිත්තරයක් රුපියල් 50ක මිළට අලෙවි කළ යුතු වුවත් මේ වනවිට ඇතැම් වෙළඳසැල්වල බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 53 වැඩි මිළකටයි.

මෙවන් තත්වයක් හමුවේ පාරිභෝගිකයන් බිත්තර මිළට ගැනීමෙන් වැළකී සිටින බවයි වාර්තා වන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required