/
/
title icon ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ හැසිරීම ගැන විමසන්න දසුන්ට කැඳවීමක්.
ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ හැසිරීම ගැන විමසන්න දසුන්ට කැඳවීමක්.
Editor
1 year ago
Share:
ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ හැසිරීම ගැන විමසන්න දසුන්ට කැඳවීමක්.

 

ධනිෂ්ක ගුණතිලකගේ සිද්ධියත් සමඟ ඕස්⁣ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පන්දු වාර විස්ස ක‍්‍රිකට් තරගාවලියට සහභාගිවූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හැසිරීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා ක‍්‍රීඩා අමාත්‍යාංශයේදී ඊයේ විශේෂ සාකච්ජාවක් කැඳවා තිබුණා.

ඒ සඳහා ශ‍්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක දසුන් ශානක, පුහුණුකරු, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ඇතුළු ක‍්‍රිකට් ආයතන බලධාරීන් කැඳවා තිබූ අතර, ජාතික ක‍්‍රීඩා සභාවේ නිලධාරීන්, ඊයේ පෙරවරුවේ සිටම ප‍්‍රශ්න කිරීම් සිදු කළා.

අදාළ ප‍්‍රශ්න කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණ සිටි ජාතික ක‍්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග සඳහන් කළේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලකයින් විසින් මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් සතුටු කිරීමට ගත් අදූරදර්ශී තීරණ හේතුවෙන් ක‍්‍රීඩකයන්ගේ අනාගතය විනාශ වූ බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required