/
/
title icon බෝතලයෙන් පහරදී සිසුවෙක් මරා දමයි.
බෝතලයෙන් පහරදී සිසුවෙක් මරා දමයි.
Editor
1 year ago
Share:
බෝතලයෙන් පහරදී සිසුවෙක් මරා දමයි.

 

අම්පාර – තිරුක්කෝවිල් ප‍්‍රදේශයේ පිහිටි තම්බිලූවිල් මධ්‍ය මහා විද්‍යාලයේ ළමයින් දෙදෙනෙකු අතර ඊයේ ඇතිවූ ගැටුමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පස්වරු 1.15 ත් 1.30 ත් අතර, ඔවුන් දෙදෙනා අතර, මෙම ගැටුම හටගෙන ඇති අතර, එහිදී පහරකෑමට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 13 හැවිරිදි සිසුවෙක්.

ළමයින් දෙදෙනාම විද්‍යාලයේ අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර, ඩෙස් බංකුවක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිගයාමෙන් ඔවුන් දෙදෙනා අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ප්ලාස්ටික් වතුර බෝතලයකින් පහරදීමත් සමඟ එම දරුවා සිහිසුන්ව ඇති අතර, පසුව ඔහු අම්පාර – තිරුක්කෝවිල් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මේ අතර ගාල්ල – ගිංතොට මෝය ආසන්නයේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔවුන් 14 හැවිරිදි සහ 15 වන වියේ පසුවන නාවින්න අරාබි විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙක්.

මේ අතර මීමැසි ප‍්‍රහාරයකින් තුවාල ලැබූ මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයේ සිසුන් විසිදෙනෙකු සහ වැඩිහිටියන් තුන්දෙනෙකු ඊයේ මහනුවර රෝහලට ඇතුළත් කළා. ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවයි රෝහල් අධ්‍යක්ෂවරිය කියා සිිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required