English English සිංහල සිංහල தமிழ் தமிழ்

අනතුරට පත් යාත්‍රාවේ ලාංකිකයන් 303 දෙනා වියට්නාම වරායකට – කැනඩාව බලා ගමන් කළ බවට තොරතුරු.

Facebook
Twitter
LinkedIn

 

සිංගප්පූරුවට ආසන්න ජාත්‍යන්තර මුහුදේදී අනතුරට ලක්ව මුදාගත් යාත‍්‍රාවේ සිටි ශ‍්‍රී ලාංකිකයින් 303 දෙනා මේ වනවිට වියට්නාමයේ හැනෝයි අගනුවරට කිලෝමීටර 1800ක් දුරින් පිහිටි වුන්ග් ටා ඕ වරායට රැගෙනවිත් තිබෙනවා.

ඔවුන් ආපදාවට පත්ව සිටි ලේඩි ආර් ත‍්‍රී නැමති යාත‍්‍රාවෙන් මුදාගෙන මෙලෙස එම වරායට රැගෙනවිත් ඇති බවයි ජාත්‍යන්තර සංක‍්‍රමණික සංවිධානය කියා සිටියේ.

සිංගප්පූරුවට ආසන්න ජාත්‍යන්තර මුහුදේදී අනතුරට ලක්ව බේරා ගත් යාත‍්‍රාවේ සිටි 303 දෙනාම ශ‍්‍රී ලාංකිකයින් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අතර ළමයින් විසිදෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ.

පෙරේදා දිනයේ දී අදාළ යාත‍්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයෙකු නාවික හමුදාව අමතා තමන් රැඳී සිටින යාත‍්‍රාව අනතුරට ලක්ව ඇති බවට දැනුම් දී තිබුණා.

පසුව කොළඹ සමූද්‍රීය ගලවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මේ සම්බන්ධයෙන් සිංගප්පූරුව, වියට්නාමය සහ පිලිපීනය යන රටවල් වෙත දැනුම් දීමෙන් පසුවයි මෙම යාත‍්‍රාවේ සිටි ශ‍්‍රී ලාංකිකයින් පිරිස ඒ අසලින් ගමන් කරමින් තිබූ අදාළ ජපාන නෞකාවක් මගින් මුදා ගෙන ඇත්තේ.

මොවුන් මෙරට සිට වෙනත් රටවල් වෙත ගොස් මියන්මාරයේ සිට අදාළ යාත‍්‍රාවෙන් කැනඩාව දක්වා ගමන් කරමින් සිට ඇති බව ස`දහන්.

යාත‍්‍රාව අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් යාත‍්‍රාව අතහැර ගොස් ඇති බව ද වාර්තා වනවා.

අප මේ පිළිබඳව වියට්නාමයේ පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් කළ විමසීමකදී එහි නිලධාරියෙකු කියා සිටියේ මෙම පිරිස වියට්නාමයට රැගෙන ඒමෙන් පසු ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ සම්බන්ධයෙන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වාගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ එම පිරිස ගමන් ගත් යාත‍්‍රාව ශ‍්‍රී ලංකාවට අයත් යාත‍්‍රාවක් නොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000