/
/
title icon කාලගුණය වෙනස් වෙයි – බොහෝ ප‍්‍රදේශවලට තද වැසි.
කාලගුණය වෙනස් වෙයි – බොහෝ ප‍්‍රදේශවලට තද වැසි.
Editor
1 year ago
Share:
කාලගුණය වෙනස් වෙයි – බොහෝ ප‍්‍රදේශවලට තද වැසි.

 

ශ‍්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය හේතුවෙන් තවදුරටත් දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව නැගෙනහිර, ඌව, උතුර, උතුරුමැද පළාත්වලට මෙන්ම මාතලේ දිස්ත‍්‍රික්කයට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම නැගෙනහිර, ඌව, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට මිලිමීටර 100 ඉක්මවු තද වැසි ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප‍්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත‍්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.

මේ අතර බදුල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත‍්‍රික්කවලට බලපැවැත්වෙන පරිදි ඊයේ රාත‍්‍රියේ නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීම තවදුරටත් ක‍්‍රියාත්මකයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required