/
/
title icon සීනි බදු වංචාවෙන් අයකරගත හැකි මුදල ගැන මැතිසබයේදී හෙලිදරව්වක්.
සීනි බදු වංචාවෙන් අයකරගත හැකි මුදල ගැන මැතිසබයේදී හෙලිදරව්වක්.
Editor
1 year ago
Share:
සීනි බදු වංචාවෙන් අයකරගත හැකි මුදල ගැන මැතිසබයේදී හෙලිදරව්වක්.

 

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලයේ සීනි ආනයනය සඳහා ලබාදුන් බදු සහනය හේතුවෙන් රුපියල් කෝටි 1670 කට අධික මුදලක් අහිමිවී ඇති බවත්, ඉන් ආදායම් බදු ලෙස අය කළ හැක්කේ සියයට 30 ක් පමණක් බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊයේ පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා.

මෙම මුදලින් සියයට 45 ක්ම එක් ප‍්‍රධාන සමාගමක් වෙත ලැබී ඇති බවයි විගණකාධිපති සහ දේශීය ආදායම් කොමසාරිස්වරයාගේ වාර්තා පදනම් කර ගනිමින් ඔහු කියා සිටියේ.

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සමග රජය ඇති කර ගත් එකඟතා පිළිබඳ ලියවිල්ල සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ඊයේ පාර්ලිමේන්තුවේදී ප‍්‍රදර්ශනය කළා.

කෙසේ වෙතත් එය පාර්ලිමේන්තුවේ සභාගත නොකරන බව ඔහු කියා සිටි අතර, වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊට මැදිහත්වීමත් සමග සභාවේ ඇතිවූයේ සංවාදාත්මක තත්ත්වයක්.

එකතු කළ අගය මත බදු පනත යටතේ නියමයන්, මුදල් පනත යටතේ නියමයන් සහ සුරාබදු ආඥා පනත යටතේ නියමයන් කිහිපයක් ඊයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුනා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required