English English සිංහල සිංහල தமிழ் தமிழ்

ඉන්දියාවේ ලෝක කුසලාන සිහිනය එංගලන්තය බොඳ කරයි.

Facebook
Twitter
LinkedIn

විස්සයි විස්ස ලෝක කුසලාන ඉන්දීය සිහිනය බොඳ කරන්නට එංගලන්ත කණ්ඩායම අද සමත් වුණා.

ඒ දෙවන අවසන් පූර්ව තරඟයේදී ඉන්දියාව කඩුළු 10 කින් පරාජය කිරීමත් සමඟයි. ඒ අනුව එංගලන්තය සහ පාකිස්ථානය මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරඟයට මෙල්බන් හීදි එක්වනවා.

අද පැවති තරඟයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 06 ක් දැවී ලකුණු 168 ක් රැස්කලා. ඉන්දීය ඉනිම වෙනුවෙන් හර්දික් පාන්ඩ්‍යා ලකුණු 63 ක් ලබා ගත් අතර විරාට් කෝලි අර්ධ ශතකයක් වාර්තා කළා.

කෙසේ වෙතත් වේගවත් පිතිහරණයක නිරත වූ එංගලන්ත ආරම්භක පිතිකරුවන් වන නායක ජොස් බට්ලර් සහ ඇලෙක්ස් හේල්ස් නොදැවී ලකුණු 170 ක විශිෂ්ට ඉනිමක් ගොඩනඟමින් ඉන්දීය කණ්ඩායමේ විස්සයි විස්ස ලෝක කුසලාන සිහිනය බොඳ කළේ අනපේක්ෂිත අයුරින්.

බට්ලර් නොදැවී ලකුණු 80 ක්ද හේල්ස් නොදැවී ලකුණු 86 ක්ද රැස්කළා. ඒ වෙනුවෙන් ඔවුන් වැයකළේ පන්දුවාර 16 ක් පමණයි.

මේ අතර මෙම තරඟයේදී ලබාගත් ලකුණු 50 ත් සමඟ විස්සයි විස්ස පිටියේ ලකුණු 4000 සීමාව පසුකල පළමු පිතිකරුවා බවට පත්වීමට ඉන්දියාවේ විරාට් කෝලි සමත් වුණා. ඒ අනුව ඔහු මේ වන විට විස්සයි විස්ස තරඟවලදී රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 4008 ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000