 
                            
ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහේස්ත‍්‍රාත්වරයෙකු වෙත සහ අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත්කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (10) නියෝග කළා.
ඒ අනුව ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙතද යොමුකරන ලෙසටයි ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රකාශ කළේ.
වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අතර එම අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණා.
පෙත්සම ජනවාරි 31 වනදා යළි කැඳවීමට නියමිතයි.
 
                         
             
             
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                