/
/
title icon මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙකු ජල ටැංකියකට වැටී මරුට.
මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙකු ජල ටැංකියකට වැටී මරුට.
Editor
1 year ago
Share:
මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙකු ජල ටැංකියකට වැටී මරුට.

 

කොළඹ මැගසින් බන්ධනාගාරයේ ජල ටැංකියකට වැටීමෙන් එහි රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අවුරුදු 56 ක් වයසැති මාලිගාවත්ත මිරානියා ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම රැඳවියා අදාළ ටැංකිය මත වාඩිවී සිටියදීයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

මේ අතර මාතලේ මහාධිකරණ සිරමැදිරියේ වැසිකිළිය තුළදි රැඳවියෙකු ගෙල කපාගෙන තිබෙනවා.

නඩු කටයුත්තක් සඳහා පල්ලකැලේ බන්ධනාගාරයේ සිට මෙම රැඳවියා ඊයේ මාතලේ මහාධිකරණය වෙත රැගෙනවිත් ඇති අතර එහිදී වැසිකිළියේ ජල කරාමය කඩා මෙලෙස ගෙල කපාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

හෝටල් සේවකයකු වන 30 හැවිරිදි මෙම පුද්ගලයා ස්ත‍්‍රී දුෂණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required