English English සිංහල සිංහල தமிழ் தமிழ்

සංචාරක වීසා මත රැකියා සඳහා ඕමානයට කාන්තාවන් යැවීම අත්හිටුවයි.

Facebook
Twitter
LinkedIn

 

ඕමානයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු නිලධාරියා වහාම දිවයිනට කැඳවීමට තීරණය කර තිබෙනවා. විදේශ අමාත්‍යාංශය විසින් ඒ පිළිබඳව දැනටමත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුවත් කර ඇති බවයි වාර්තාවන්නේ.

රැකියාවක් සඳහා එරටට ගිය තමන්ට මොහු විසින් ලිංගික අතවර කිරීමට තැත් කළ බවට කාන්තාවක් කරන ලද පැමිණිල්ලකට අනුවයි ඔහුව යළි මෙරටට කැඳවීමට තීරණය කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක්ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සිදුකර ඇති අතර, එමඟින්ද ඊට අදාළ කරුණු තහවුරු වී තිබෙනවා.

මේ අතර සංචාරක වීසා මත ඕමානයේ රැකියා සඳහා කාන්තාවන් යැවීම අද සිට අත්හිටුවා තිබෙනවා.

එසේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෘහ සේවයට කාන්තාවන් රැගෙන යාම අද සිට අත්හිටුවන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය, රැකියා නියෝජිත ආයතන වෙත දැනුම්දී ඇත්තේ.

ගෘහසේවයට රැගෙන යන බව පවසමින් සංචාරක වීසා මත යවන ලද කාන්තාවන් ඕමානයේදී ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ ජාවාරමක තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණ කරගැනීමත් සමඟයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙම තීරණය ගෙන ඇත්තේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඕමානයට ගොස් කළ පරීක්ෂණයේදී මෙරට කාන්තාවන් 45 දෙනෙකු පමණ මෙලෙස ලිංගික කටයුතු සඳහා අලෙවි කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

ඇතැම් විදේශ රැකියා නියෝජිත ආයතන මෙම තරුණියන් සහ කාන්තාවන් සංචාරක වීසා මත රැගෙන ගොස් අනතුරුව එරට රැකියා නියෝජිත ආයතනයේදී පෙළට තබා වයස සහ බාහිර පෙනුම මත ලිංගික කටයුතු සඳහා මෙලෙස අලෙවි කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000