
රුපියල්වලට ඩොලර් මාරු කර දෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් කොල්ලකෑ කල්ලියක් යාපනය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
33 සහ 53 අතර වයස්වල පසුවන මෙම සැකකරුවන් සිව් දෙනා ත්රිකුණාමලය, තලවකැලේ, අනුරාධපුර යන ප්රදේශවල පදිංචිකරුවන්.
මීට අමතරව, මෝටර් රථවලට අමතර කොටස් අඩු මුදලට ලබාදෙන බව පවසා අදාළ මුදල් නියමිත ස්ථානයකට රැගෙන එන ලෙස දැනුම්දීමෙන් පසු මුදල් කොල්ලකෑම ද මොවුන් විසින් සිදුකර ඇති බවයි හෙළි වී ඇත්තේ.
යාපනය ප්රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුගෙන් ලක්ෂ 25 සහ ලක්ෂ 18 ක් මොවුන් විසින් කොල්ලකා ඇති අතර, ගාල්ල ප්රදේශයේදී පුද්ගලයෙකුගෙන් කොල්ලකන ලද මුදල රුපියල් දසලක්ෂ 80,000 ක්.
යාපනයේදී ඊයේ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී ඇමෙරිකානු ඩොලර් 825 ක් සහ රුපියල් විසිඅට ලක්ෂයක මුදලක් ද සොයා ගෙන තිබෙනවා.