
කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා විශ‍්‍රාමලත් අධිකරණ නිලධාරියෙකු වන ලලිත් ඒකනායක පත්කර තිබෙනවා.
වයඹ පළාත් ආණ්ඩුකාර, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ විසින් මෙම පත්කිරීම සිදුකර ඇත්තේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින්.
ඒ අනුව මහානගර සභා ආඥාපනත ප‍්‍රකාරව නගරාධිපතිවරයා විසින් වැරදි සිදුකර ඇත්ද යන්න විමර්ශනය කර ඊට අදාළ වාර්තාව මාස තුනක් ඇතුළත ආණ්ඩුකාරවරයා වෙත භාරදිය යුතු වනවා.
අදාළ නිලධාරියාට මෙම විමර්ශන සිදුකිරීම සඳහා පරීක්ෂණ කොමිසන් සභා පනත යටතේ පත්කරන ලද කොමිසමක බලතල ලබාදී තිබෙනවා.
වයඹ පළාත් ආණ්ඩුකාර ලේකම් කමල් අමරසිංහ කියා සිටියේ කුරුණෑගල නගරාධිපතිවරයාට එරෙහිව මුදල් වංචා කිරීම ඇතුළු චෝදනා විශාල සංඛ්‍යාවකට අදාළව පෙත්සම් ජනතාව සහ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් විසින් ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි.
ඒ අනුවයි ආණ්ඩුකාරවරයා විසින් නගරාධිපතිවරයාගේ ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා මෙම විමර්ශන නිලධාරියා පත්කර ඇත්තේ.