English English සිංහල සිංහල தமிழ் தமிழ்

මිල්ලනියේ සිසුන්ට පහරදීමේ සිද්ධියේ ස්ථානාධිපතිට මාරුවක් – හුංගම දැරියට පහරදුන් ගුරුවරයාත් රිමාන්ඩ්.

Facebook
Twitter
LinkedIn

 

මිල්ලණිය ප‍්‍රදේශයේ පාසක ගුරුවරියකගේ මුදල් පසුම්බියක් සොරකම් කළේ යැයි චෝදනා කරමින් සිසුන් කිහිපදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මිල්ලණිය පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා.

ඒ, මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි රාජ්‍යසේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත පොලිස්පතිවරයා විසින්.

ඔහු මිල්ලණිය පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමන්‍ය රාජකාරී සඳහා ඇල්පිටිය කොට්ඨාසය වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මිල්ලනිය – ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනියගේ වැඩ මේ වන විට තහනම් කර තිබෙනවා.

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශ‍්‍රී ලාල් නෝනිස් සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු පරීක්ෂණයක් ද සිදුකරන බවයි.

සිද්ධියට අදාළ විදුහල්පතිනිය සහ මිල්ලනිය පොලීසියේ නිලධාරින් දෙදෙනෙකු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.

සැකකාර විදුහල්පතිවරිය සහ නියෝජ්‍ය විදුහල්පතිවරිය දරුවන් කිහිපදෙනෙකු පුස්තකාල ශාලාවට ගෙන ගොස් දණ ගස්වා ඔවුන්ගේ පාදවලට හා විලූ‍ඹට වේවැල් වලින් සහ ලී පතුරුවලින් පහර දී ඇති බවට විමර්ශනවලදී හෙළි වී තිබුණා.

පසුව පොලීස් ජීප් රථයක් පාසැල තුළට ගෙන්වා ගෙන අදාළ සිසුන් පොලීසියට භාර දී ඇති අතර, එහිදී සැකකාර පොලිස් නිලධාරීන් ජීප් රථයේ තිබෙන ”‍වෝකිටෝකි‘ ගමන් කථන යන්ත‍්‍රවලට විදුලිය සපයන විදුලි රැහැන් වලින් අදාළ දරුවන්ගේ දණිස් පුළු‍ස්සා ඇති බවයි අනාවරණ වුණේ.

මේ අතර හුංගම – දුටුගැමුණු මහා විද්‍යාලයේ 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පාසලේ 49 හැවිරිදි ගුරුවරයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව ඔහු අගුණුකොළපැළැස්ස මහේස්ත‍්‍රාත්වරයාට හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මේ අතර අරණායක ප‍්‍රදේශීය ලේකම් කාර්යාලයේ සිදු කළ වැඩසටහනක් අතරතුර විනය විරෝධී සහ අපකීර්තිමත් හැසිරීම සම්බන්ධයෙන් ග‍්‍රාම නිලධාරීන් තුන්දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ නාරංගල, යෝධගම සහ ගල්අතර යන වසම් වල ග‍්‍රාම නිලධාරීන් තුන්දෙනෙකුගේයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000