/
/
title icon සයිබර් අපරාධයන්ට තිත.
සයිබර් අපරාධයන්ට තිත.
Editor
1 year ago
Share:
සයිබර් අපරාධයන්ට තිත.

වර්තමානයේ තාක්ෂණික දියුණුව සමග ලෝකයේ සෑම රටක්ම පාහේ සයිබර් අවකාශය තුළ සැරිසරන ආකාරය වේගවත් වී ඇත. මෙයට සාපේක්ෂව ශ්‍රී ලංකාවද බහුල වශයෙන් වර්තමානයේ අන්තර්ජාලය ඇතුළු වෙබ් අඩවිත්, සමාජ මාධ්‍යත් භාවිතය කෙරෙහි යොමු වී තිබේ.

නමුත් ඇතැම් අවස්ථා වලදී මෙම තාක්ෂණික දියුණුව අයථා ලෙස භාවිතා කරන අවස්ථාවන් අද වන විට ශ්‍රීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ. විශේෂයෙන්ම සයිබර් අපරාධ පිළිබඳ අවබෝධයක් නොතිබීම නිසාම කාන්තා පාර්ශ්වය පමණක් නොව පිරිමි පුද්ගලයන්ද මෙයට හසු වූ අවස්ථා එමටය.

මෙහිදී ප්‍රධාන ලෙසම ෆේස්බුක් මාධ්‍ය ඔස්සේ තරුණියන්ට සිදුවන අපරාධයන් දැක්විය හැක. නිරුවත් ජායාරූප , අසභ්‍ය වීඩීයෝ පට සංස්කරණය කරමින් ෆේස්බුක් පිටු හරහා පළ කිරීම. තවද සමාජ මාධ්‍ය ගිණුම් වලට රහස්‍ය ලෙස අනවසරයෙන් ඇතුළු වී දත්ත විනාශ කිරීම, සොරකම් කිරිම බොහෝ විට වර්තමානයේ සිදුවන දෙයකි.

අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීම් , එමෙන්ම වර්තමානයේ නම් විදෙස් රැකියා සදහා යොමු වන පිරිස වැඩි වීම හේතුවෙන් රැවටීමට ලක් කිරීම් බහුලව සිදු වීම නිරන්තරයෙන්ම අසන්නට ලැබේ. මෙයාකාරයට ස්ත්‍රි පුරුෂ භේදයකින් තොරවම වර්තමානයේ සයිබර් අපරාධ වලට ගොදුරු වීම සුලබව දක්නට ලැබෙන ගැටලුවකි.

නමුත් සයිබර් අපරාධ වලට ගොදුරු විමවත්, බිය වීමවත් නොව එහිදී අවශ්‍ය නිසි නීතිමට ක්‍රියාමාර්ග ගනිමින් වැරදිකරුවන් නීතියේ රැහැනට කොටු කර දීම කළහොත් මෙය දිගින් දිගටම සිදු වීම වළක්වා ගත හැක.

ඒ සදහා සෑම පොලිස් ස්ථානයකම පාහේ සයිබර් අපරාධ අංශයක් පිහිටුවා ඇති අතර එසේ නොවන්නේ නම් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ හෝ මානව හිමිකම් කොමිෂන් සභාවේ තමාට සිදු වූ අපරාධ තත්වය පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට හැකියාව තිබේ.

දිල්කි රත්නායක.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required