English English සිංහල සිංහල தமிழ் தமிழ்

අර්බුද මවා පැමිණි යුවාන් වැන්ග් පහට පසු හය ඉන්දීය සාගර කලාපයට.

Facebook
Twitter
LinkedIn

හම්බන්තොට වරායට පැමිණි මතභේදයට තුඩු දුන් යුවාන් වැන්ග් 5 නෞකාවේ සහෝදර නෞකාවක් වන යුවාන් වැන්ග් 6 නම් චීන නිරීක්ෂණ නෞකාව ඉන්දීය සාගර කලාපයට ඇතුළු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඉන්දුනීසියාවේ – ලොම්බර්ක් සමුද්‍ර සන්ධිය හරහා එය ඉන්දීය සාගර කලාපයට ඇතුළු වී ඇති බවයි ඒවායේ දැක්වෙන්නේ.

අදාළ චීන නිරීක්ෂණ නෞකාව ඉන්දීය සාගර කලාපයට ඇතුළු වී ඇත්තේ ඉන්දියාව සිදුකළ න්‍යෂ්ටික මිසයිල අත්හදා බැලීමකට සමගාමීව බවත් එම කටයුතු නිරීක්ෂණය කිරීම එහි අරමුණ විය හැකි බවටත් ඉන්දියාව සැක පළ කරනවා.

එමෙන්ම, මෙම මාසයේ සිදුකරන චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කොටස් කක්ෂ ගත කිරිමට අදාළ වැඩසටහනකට සමගාමීව අදාළ චීන නිරීක්ෂණ නෞකාව ඉන්දීය සාගර කලාපයට ඇතුළු වී ඇති බවටත් ඇතැම් මාධ්‍ය වාර්තා පළ කර තිබෙනවා.

කෙසේ වෙතත්, නෞකාවේ ගමනාන්තය හෝ එහි මෙහෙයුම් පිළිබස කිසිදු නිල නිවේදනයක් මෙතෙක් නිකුත් වී නැහැ.

යුවාන් වැන්ග් 6 නෞකාව 2020 වසරේදී ද ඉන්දීය සාගරයට පිවිසුණු අතර එය මාස 3ක පමණ කාලයක් එම සාගර කලාපය තුළ නිරීක්ෂණ මෙහෙයුම්වල නිරත වී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000