/
/
title icon මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරලී තුනක් අතුරුදන්.
මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරලී තුනක් අතුරුදන්.
Editor
1 year ago
Share:
මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරලී තුනක් අතුරුදන්.

සූරියවැව – මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරලීමෙන් දියේ ගිලූණු පුද්ගලයින් 8 දෙනෙකු අතුරින් අතුරුදන් වී සිටි තුන්දෙනාගෙන් එක් අයෙකුගේ සිරුර ඊයේ (12) පස්වරුවේ සොයා ගැණුනා.

වයස අවුරුදු 10 ක දැරියකගේ සිරුරක් මෙලෙස සොයා ගැණුනු බවයි පොලීසිය සඳහන් කළේ.

කුරුණෑගල සිට දානමය පිංකමක් සඳහා සූරියවැව ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණි පිරිසක් මසුන් අල්ලන ඔරුවකින් මහවැලිකඩආර වැව නැරඹීම සඳහා ගිය අවස්ථාවේ ඊයේ (12) දහවල් ඔරුව පෙරලීයාමෙන් එහි සිටි 8 දෙනෙකු දියේ ගිලූණා.  

කෙසේ වෙතත්, මාස 8 ක බිළිඳෙකු ඇතුළු 5 දෙනෙකු මුදාගෙන රෝහල් ගත කෙරුණු අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව සඳහන්.

තවදුරටත් අතුරුදන්ව ඇත්තේ අවුරුදු 16 සහ 18 වියේ පසුවන දැරියන් දෙදෙනෙකු වන අතර ඔවුන් සොයා සිදුකළ මෙහෙයුම් ඊයේ රාත්‍රියේ තාවකාලිකව නතර කෙරුණා. අද පෙරවරුවේ සිට යළිත් සෝදිසි මෙහෙයුම් සිදුකිරීමටයි සැලසුම් කර ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required