/
/
title icon ONLINE | පත්තරේ
ONLINE | පත්තරේ
Editor
1 year ago
Share:
ONLINE | පත්තරේ

ඉරිදා දිවයින ( 2022-11-13)

පාර්ලිමේන්තුවට හෙට ඉදිරිපත් කරන අයවැයෙන් 2023 වසරේ රජයේ මුළු වියදම රු. බිලියන 1785 කින් වර්ධනය කර ඇති බවට රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රකාශය ඉරිදා දිවයින උපුටා දක්වයි.

හිටපු ස්වර්ණමාලී චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අති පූජ්‍ය පල්ලේගම හේමරත්න නාහිමියෝ අභිනව අටමස්ථානාධිපති ලෙස වැඩ භාර ගනී.

සීනී බද්ද අඩු කිරීම මෙරටට සීනී ගෙන්වන සමාගම් විසින් වංචනිකව හසුරුවන බවට වන වාර්තාව දිවයින පුවත්පත වාර්තා කරයි.

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට මෑතකදී පැමිණි ගාල්ල සහ කොළඹ ප්‍රදේශ වල දෙපිරිසක් අතර දියනෑමට ගිය අවස්ථාවේ හටගත් බහින්බස් වීම දුරදිග යෑමෙන් ගැටුම්කාරී තත්වයක් උදගත වී තිබේ.

එක්තරා සංවිධානාත්මක පිරිසක් විසින් කාන්තාවන් සහ තරුණියන් ඕමානයට රැගෙන ගොස් සල්ලානයන් හට අලෙවි කරන බව මේ පුවතින් වැඩි දුරටත් විස්තර කෙරේ.

ජාතික කියවීමේ මාසයට සමගාමීව කොටහේන ශාඛා පුස්තකාල පාඨක සමාජය විසින් කියවීමේ කදවුරක් කොටහේන ජනාධිපති විද්‍යාලයේදී ඔක්තෝම්බර් 30 වැනිදා පවත්වන ලදී.

ලෝක ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාව එකසත් ජාතීන්ගේ සංවිධානය පිළිගතහොත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර හට නැවතත් විදේශගත වීමට අවස්ථාවක්.
ඉන්දීය මුර සංචාරක නෞකා එහා මෙහා වීමෙන් පසුව කුඩු නැව ලංකාවේ සීමාවට ඇතුළු වෙයි.මේ ඇතුළුව තවත් පුවත් රැසක් දැන ගැනීමට ලංකාදීප කියවන්න.

දිල්කි රත්නායක.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required