English English සිංහල සිංහල தமிழ் தமிழ்

විස්සයි විස්ස ලෝක ශූරතාව එංගලන්තයට.

Facebook
Twitter
LinkedIn

 

ඕස්ට්‍රේලියාවේ පැවති පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ ශුරතාව දිනාගැනීමට එංගලන්ත කණ්ඩායම අද සමත් වුණා.

ඒ මෙල්බන්හි පැවති අවසන් මහා තරගයේදී පාකිස්ථානු කණ්ඩායම පරාජයට පත් කරමින්.

මෙම ජයග‍්‍රහණයත් සමඟ එංගලන්ත කණ්ඩායම අවස්ථා දෙකකදී පන්දුවාර 20 ලෝක කුසලානය ජයගැනීමට සමත්ව තිබෙනවා.

මීට පෙර 2010 වසරේදී කොදෙව් කණ්ඩායමට එරෙහිව පන්දුවාර 20 ලෝක ශූරයින් බවට එංගලන්තය පත් වුයේ එම තරගය කඩුළු 7කින් ජයගනිමින්.

අද තරගයේ කාසිය වාසිය දිනූ එංගලන්ත නායක ජොස් බට්ලර් පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථානු කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 137ක් ලබා ගත්තා.

පාකිස්ථාන නායක බාබර් අසාම් ලකුණු 33යි, ශාන් මෂූඩ් ලකුණු 38යි. පන්දු යැවීමේදී එංගලන්ත කණ්ඩායමේ සෑම් කරන් කඩුළු 3ක් ලබාගත්තා.

අනතුරුව ලකුණු 138 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ එම ඉලක්කය පසුකර ගියේ පාකිස්ථානයට කඩුළු 5 ක් පමණක් ලබා දෙමින්. එහිදී බෙන් ස්ටොක් නෙදැවී ලකුණු 52ක් ලබා ගත්තා.

පන්දුවාර 20 ලෝක කුසලානයේ ජයග‍්‍රාහී ලකුණ, හතරේ පහරක් එල්ල කරමින් ලබා ගත්තේද, බෙන් ස්ටොක් විසින්.

මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ එංගලන්ත කණ්ඩායමේ සෑම් කරන් අවසන් තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තා.

ඔහු මෙවර තරගාවලියේ කඩුළු 13ක් බිඳහෙලීමට සමත් වු අතර, ශ‍්‍රී ලංකාවේ වනිදු හසරංග කඩුලූ 15ක් ලබා ගනිමින් ලෝක කුසලානයේ වැඩිම කඩුළු ලාභියා බවට පත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000