/
/
title icon උත්තර සභාගයේ රැස්වීමක් අතරතුර උණුසුමක් – විමල් පිටවෙද්දී, වාසු රැඳෙයි.
උත්තර සභාගයේ රැස්වීමක් අතරතුර උණුසුමක් – විමල් පිටවෙද්දී, වාසු රැඳෙයි.
Editor
1 year ago
Share:
උත්තර සභාගයේ රැස්වීමක් අතරතුර උණුසුමක් – විමල් පිටවෙද්දී, වාසු රැඳෙයි.

 

උත්තර ලංකා සභාගයේ මහනුවර රැස්වීමට කිසියම් පිරිසක් විරෝධය පළකිරීම නිසා උණුසුම් තත්වයක් ඇතිවුණා.

මහනුවර පුෂ්පදාන ශාලාවේදී අද පෙරවරුවේ මෙම රැස්වීම පවත්වා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර ඇතුළු උත්තර ලංකා සභාගය නියෝජනය කරන පක්ෂ සහ නායකයින්ගේ සහභාගිත්වයෙන්.

ඔවුන් රැස්වීම අවසන් වී පිටව යන අවස්ථාවේ එම ස්ථානයට පැමිණ සිටි පිරිසක් හූ හඩ කියමින් බැණ වැදීම හේතුවෙන් දෙපාර්ශවය අතර සංවාදාත්මක තත්ත්වයක් හටගත් බවයි ප‍්‍රදේශයේ අප වාර්තාකරු සඳහන් කළේ.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පිටත්ව ගියද වාසුදේව නානායක්කාර, මහාචාර්ය තිස්ස විතාරණ යන පිරිසට පැවති උණුසුම් තත්ත්වය හමුවේ ඉන් පිටව යාමට හැකි වුයේ නැහැ

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required