English English සිංහල සිංහල தமிழ் தமிழ்

නොරොච්චෝලේ හෙට සිට පූර්ණ ධාරිතාවයෙන් වැඩ.

Facebook
Twitter
LinkedIn

 

නඩත්තු කටයුතු සඳහා පසුගිය ජුනි මාසයේදී අක්‍රීය කෙරුණු නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත‍්‍රය හෙට දිනයේදී යළිත් ජාතික පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන බව විදුලි බලමණ්ඩලය ප‍්‍රකාශ කළා.

එහි නඩත්තු කටයුතු මේ වනවිට අවසන්ව ඇති අතර, එමඟින් මෙගාවොට් 300 ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කෙරෙනවා.

නොරොච්චෝලේ බලාගාරය මෙගාවොට් 300 බැගින් උත්පාදනය කෙරෙන ජනන යන්ත‍්‍ර 03 කින් සමන්විතයි.

බලාගාරයේ ඉදිකිරීම් 2006 වසරේ මැයි මස 11 වැනිදා ඇරඹුනු අතර, එහි පළමු අදියර 2011 මාර්තු 22 වැනදා විවෘත කෙරුණා.

එහි දෙවන සහ තෙවන අදියර 2014 වසරේ සැප්තැම්බර් 16 වැනිදා ජාතික විදුලි බල පද්ධතියට තවත් මෙගා වොට් 600 ක් එකතු කරමින් විවෘත කිරීමටයි පියවර ගැනුණේ.

මේ වනවිට ක්‍රියාත්මක ජනන යන්ත‍්‍ර දෙක මගින් මෙගාවොට් 600 ක් ජාතික පද්ධතියට එක් කෙරෙන අතර, නඩත්තු කටයුතු සිදු කෙරෙන දෙවන ජනන යන්ත‍්‍රයත් පද්ධතියට එක් කිරීමෙන් අනතුරුව බලාගාරය පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වනු ඇති.

කෙසේ වෙතත්, ගල් අඟුරු නෞකා 03 ක් පමණක් මේ වනවිට විදුලිය උත්පාදනය සඳහා දිවයිනට ආනයනය කර ඇති බවයි වාර්තා වන්නේ.

නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත‍්‍ර 03 ම ක්‍රියාත්මක වන්නේ නම් එම ගල් අඟුරු තොගය දින 24 කට පමණ ප‍්‍රමාණවත් වන අතර, ජනන යන්ත‍්‍ර දෙකක් පමණක් ක්‍රියාත්මක වන්නේ නම් එය ප‍්‍රමාණවත් වන්නේ දින 30 කට පමණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000