/
/
title icon ලබන වසරේ අයවැය හෙට පාර්ලිමේන්තුවට.
ලබන වසරේ අයවැය හෙට පාර්ලිමේන්තුවට.
Editor
1 year ago
Share:
ලබන වසරේ අයවැය හෙට පාර්ලිමේන්තුවට.

 

2023 වර්ෂයට අදාළ අයවැය ලේඛණය හෙට පස්වරු 1.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින්.

අයවැය කතාව ඉදිරිපත් කරන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය රාජ්‍ය තාන්ත්‍රික අමුත්තන් සඳහා පමණක් සීමා කරන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

අයවැය කතාවෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් වන විවාදය ලබන 15 වනදා සිට 22 වනදා දක්වා සතියක කාලයක් පැවැත්වෙනු ඇති.

අනතුරුව අයවැය කාරක සභා අවස්ථා විවාදය 23 වනදා සිට දෙසැම්බර් 8 වනදා දක්වා පැවැත්වෙන අතර ඡන්ද විමසීම සිදුකෙරෙන්නේ දෙසැම්බර් මස 8 වනදායි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required