/
/
title icon වානේ කම්බි මිල පහළට.
වානේ කම්බි මිල පහළට.
Editor
1 year ago
Share:
වානේ කම්බි මිල පහළට.

 

පසුගිය සමයේ විශාල වශයෙන් මිල ඉහළ ගිය වානේ කම්බි ටොන් එකක මිල රුපියල් ලක්ෂයකින් පමණ මේ වනවිට පහත වැටී තිබෙනවා.

පසුගිය මාසයේ රුපියල් පන්ලක්ෂ 75,000 කට පමණ අලෙවි වූ වානේ කම්බි ටොන් එකක මිල මේ වනවිට රුපියල් හාරලක්ෂ 75,000 දක්වා පහත වැටී ඇති බවයි වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ අනුව පසුගිය මාසයේ රුපියල් 2000 කට අලෙවි වූ මිලිමීටර් 10 වානේ කම්බියක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 1,635 කටයි.

රුපියල් 2,700 කට පමණ අලෙවි වූ මිලිමීටර් 12 වානේ කම්බියක් මේ වනවිට රුපියල් 2,395 කට අලෙවි වනවා.

මිලිමීටර් 16 වානේ කම්බියක් මිල පහත වැටීමෙන් අනතුරුව මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 4,325 කටයි.

මේ අතර, සිමෙන්ති කොට්ටයක්ද මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 2,975 ක මිලකටයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required