/
/
title icon ONLINE | පත්තරේ
ONLINE | පත්තරේ
Editor
1 year ago
Share:
ONLINE | පත්තරේ

දිවයින ( 2022-11-13)


වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමියන් නිදහස් කරන්න යැයි ඉල්ලා කළුතර ප්‍රදේශයේ පැවති විරෝධතාවයක් මැඩ පැවැත්වීමට ගිය කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ ගෙල ප්‍රදේශයෙන් අල්ලා හිංසනය කළ බවට කියන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව විමර්ශන.

සෝදිසි කිරීමට ලක් කළ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ රන් ආභරණ අතුරුදන් වීමේ සිද්ධියක් අද දිවයින වාර්තා කරයි.

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පැවැත් වූ පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ජය පාකිස්තාන කණ්ඩායම පරදවා එංගලන්ත කණ්ඩායමට හිමි විය.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා දිවයින පවසා ඇත්තේ ලංකා ඉතිහාසයේ වඩාත් අභියෝගාත්මක අයවැය අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

සූරියවැව මහවැලිකඩ ආර ප්‍රදේශයේ මීට පෙර දියේ ගිලී මිය ගිය තම සීයාගේ තෙමස් දානමය පිංකමට සහභාගී වූ දියණියන් තිදෙනා ඔරුව පෙරළී දියේ ගිලී ජීවීතක්ෂයට පත් වෙයි.
දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා මේ ප්‍රකාශය සිදු කරන්නේ රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දහනම වැනි සංවත්සරය කොළඹදී පැවති අවස්ථාවේදීය.


පසුගිය 11 වෙනිදා පැවති ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල උපාධි ප්‍රදානෝත්සවයේදී අපනයන ආර්ථිකයට ත්‍රිවිධ හමුදාවේ කුසලතාවයන්ද ප්‍රයෝජනයට ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් අවධාරණය කරන ලදී.


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසයන් මේ බව සදහන් කරන්නේ දොඩමස්ලන්ද සමගි ජන බලවේග රැස්වීමේදීය.

වියට්නාමයේ හැනෝයි හි පැවති 06 වැනි හැනෝයි අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රධානම තරගකාරී අංශය නියෝජනය කළ මාරියා චිත්‍රපටය එහි හොදම නළුවාට හිමි සම්මානය හිමි කර ගත්හ.

අද දවසේ තවත් පුවත් රැසක් දිවයින පුවත්පත හරහා ඔබට කියවිය හැක.

දිල්කි රත්නායක.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required