English English සිංහල සිංහල தமிழ் தமிழ்

අයවැය 2023 – ගුවන්, රක්ෂණ, ටෙලිකොම් ඇතුළු ආයතන 05 ක් පළමුව ප‍්‍රතිව්‍යුහගතකරණයට.

Facebook
Twitter
LinkedIn

 

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම, රක්ෂණ සංස්ථාව, ටෙලිකොම් ඇතුළු ආයතන 05 ක් පළමුව ප‍්‍රතිව්‍යූහගතකිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කළා.

ලබන වසර සඳහා අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ එමඟින් ලැබෙන ආදායම විදේශ විනිමය සංචිත වැඩිකර ගැනීමට සහ රුපියල ශක්තිමත් කරගැනීමට උපයෝගි කරගන්නා බවයි.

මෙය ජනාධිපතිවරයාගේ මංගල අයවැය වන අතර ශ‍්‍රී ලංකාව – නව ආරම්භයක් කරා යන්න එහි තේමාව වී තිබුණා.

අයවැය ඉදිරිපත් කිරීම ජනාධිපතිවරයා විසින් පස්වරු 01 යි 33 ට ආරම්භ කළ අතර පැය 01 යි විනාඩි 17 ක කාලයක් ජනාධිපතිවරයා සිය කතාව සිදුකළා.

අයවැයට අනුව ලබන වසර සඳහා මුළු ආදායම රුපියල් බිලියන 3415 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර වියදම ලෙස දක්වා ඇත්තේ රුපියල් බිලියන 5819 ක්. අයවැය හිඟය රුපියල් බිලියන 2404 ක් වනවා.

අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා රටේ වත්මන් ආර්ථික තත්වය පිළිබඳ පැහැදිලි කිරීමක්ද සිදුකළා. එහිදී ඔහු කියා සිටියේ නව ආර්ථිකය නිර්මාණය කරනු ලබන්නේ තරුණ තරුණියන් වෙනුවෙන් සහ ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් බවයි.

මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ආයෝජන හා විදේශ වෙළදාම ප‍්‍රවර්ධනය කිරීම සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, ශ‍්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව, ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය යන ආයතන වෙනුවට නව ආයතනයක් පිහිටුවන බවයි.

එසේම බස්නාහිර, වයඹ පළාත් හා හම්බන්තොට, ත්‍රිකුණාමලය ආශ්‍රිත නව ආර්ථික කළාපයන් ඇති කිරීමට අයවැයෙන් යෝජනා කර තිබෙනවා.

ජනාධිපතිවරයා සඳහන් කළේ, භාවිත නොකරන සහ ඵලදායි ලෙස යොදා නොගන්නා විශාල ඉඩම් කට්ටි දිගුකාලීන පදනම මත අපනයන බෝග වගා කිරීමට ලබාදෙන බවයි.

විෂමතාවන් වැලැක්වීම සඳහා රජයේ සියලූ ඉඩම් බැහැර කිරීමට අදාළ මූලික කටයුතු ප‍්‍රාදේශීය ලේකම්වරුන් මගින් පමණක් සිදු කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරි වසර තුල සකස් කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ ඩිජිටල් තාක්ෂණ කර්මාන්තයේ ඉදිරි දියුණුව පිළිබඳ විමර්ශනය කර අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තා කිරීම සඳහා ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්ගේ හා අදාළ නිලධාරින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කිරීමට යෝජනා කරන බවයි.

දුෂ්කර ප‍්‍රදේශවල ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ ද්විතියික පාසල් 1000 කට නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදෙන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා, ජාතික, පළාත්, ග‍්‍රාමීය පාසල්වල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා මිලියන 200 ක මුදලක් අයවැයෙන් වෙන්කර ඇති බවයි කියා සිටියේ.

එසේම රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා ඇතුළත් කරගැනීමේ ක‍්‍රමවේදය සංශෝධනය කරන බවද ඔහු සඳහන් කළා.

රාජ්‍ය සේවයේ සිදුකළ යුතු ප‍්‍රතිසංස්කරණ නිර්දේශ කිරීමට ජනපති කොමිසන් සභාවක් පිහිටුවන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා, බදු ව්‍යූහය ඇතුළු සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳ අධ්‍යයනය කර නිර්දේශ ලබා දීම සඳහා බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිසමක්ද පිහිටුවන බව සඳහන් කළා.

එමෙන්ම පෞද්ගලික අංශයේ රැකියාවල නිරත සේවකයින් හට රැකියාව අහිමි වුවහොත් මාස තුනකට දීමනාවක් ලබාදීමට හැකි රක්ෂණාවරණයක් සහ රක්ෂණ අරමුදලක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මෙවර අයවැයෙන් යෝජනා කළා.

එකතු කළ අගය මත බදු පනතේ සංශෝධන ලබන වසරේ අප්‍රේල් පළමුවනදා සිට ක‍්‍රියාත්මක කිරීමට සහ රාජ්‍ය ව්‍යවසායකයින් විසින් රාජ්‍ය සේවකයින්ගේ උපයන විට ගෙවීම් බද්ද ගෙවීම ලබන වසරේ ජනවාරි පළමුවනදා සිට අත්හිටුවීමට අයවැයෙන් යෝජනා කරනවා.

එසේම විශේෂ කාණ්ඩ හැරුණුකොට සන්නද්ධ හමුදා සාමාජිකයින් සඳහා අවුරුදු 18 ක සේවා කාලයකින් පසු විශ‍්‍රාම යෑමට හැකියාව පවතින බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000