English English සිංහල සිංහල தமிழ் தமிழ்

මාර්ග නඩත්තුවට මෝටර් රථයකින් රුපියල් සියයක් – බීඩියටත් බද්දක්.

Facebook
Twitter
LinkedIn

 

හෙක්ටයාර 04 කට අඩු පොල් ඉඩම් කැබලි කිරීම, අක්කර 01 කට හෝ ඊට අඩු පොල් ඉඩම් පමණක් සීමා කෙරුණා. ඒ, ජනාධිපතිවරයා අයවැය කතාව ඉදිරිපත් කරමින්.

බීඩියක් සඳහා රුපියල් 2 ක බද්දක් පනවන බව සඳහන් කළ ජනාධිපතිවරයා , ත්‍රෛයිලෝක විජය පත‍්‍ර බෝගය හෙවත් කංසා අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීමට විශේෂඥ කමිටුවක් පත්කරන බව සඳහන් කළා.

එසේම දේශගුණික විපර්යාස සඳහා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට රුපියල් මිලියන 100 ක්ද වෙන් කෙරුණා.

2027 වසර වන විට, දැනට අඩුවී ඇති වන ගහණයෙන් අක්කර 50,000 ක ප‍්‍රමාණයක් යළි ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 50 ක් වෙන්කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

එසේම පානීය ජල බෝතල් සඳහා ආරක්ෂිත මුද්‍රාවක් හදුන්වා දෙන බවද ජනාධිපතිවරයා කියා සිටියා.

මධ්‍යසාර නිෂ්පාදනවල ගුණාත්මකභාව පරික්ෂා කිරීම හා ප‍්‍රමිතීන් සකස් කිරීම සඳහා රසායනාගාරයක් සුරාබදු දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කිරීමට රුපියල් මිලියන 100 ක්ද වෙන කෙරුණා.

එසේම මාර්ග නඩත්තු අරමුදලක් ස්ථාපිත කරන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා ඒ සඳහා ආදායම් බලපත‍්‍ර ලබාගැනීමේදී වාහනයකින් රුපියල් 100 කට නොඅඩු වාර්ෂික ගාස්තුවක් අයකරන බවයි සඳහන් කළේ.

තවද ලබන වසර සඳහා මාර්ග ප‍්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියනයක මුදලක් වෙන්කර තිබෙනවා.

සූර්ය පැනල සහ ප‍්‍රතිවර්තක ආනයනයේදී අයකෙරෙන වරාය හා ගුවන්තොටුපළ බදු හා සමාජ ආරක්ෂණ බද්ද ලබන ජනවාරි පළමුවනදා සිට ඉවත් කෙරුණා.

එසේම මෝටර් වාහන එකළස් කිරීම සිදුකරනු ලබන ආයතන විසින් අවම වශයෙන් සියයට 25 ක දේශිය අගය එකතුකරන සහ, ඊට අවශ්‍ය කොටස් දේශිය වශයෙන් නිෂ්පාදනය කරන ආයතන සඳහා පමණක් සමාජ ආරක්ෂණ බද්ද ඉවත්කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

බදුල්ල, කුරුණෑගල හා පොළොන්නරුව රෝහල් ශික්ෂණ රෝහල් ලෙස උසස් කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා රජයේ රෝහල්වල ගෙවීමේ වාට්ටු ක‍්‍රමය නැවත ක‍්‍රියාත්මක කරන බවද සඳහන් කළා.

අයවැය කතාව අවසන් කරමින් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ අයවැය යෝජනා අධීක්ෂණය කිරීම සඳහා කාර්ය සාධක බලකායක් පත්කර ඇති බවයි.

එහිදී ජනාධිපතිවරයා කතානායකවරයාට යළි දැනුම් දුන්නේ මෙම අයවැය යෝජනා ක‍්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ කාරක සභා කඩිනමින් ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000