English English සිංහල සිංහල தமிழ் தமிழ்

වියට්නාමයේ සිටින ශ‍්‍රී ලාංකික සංක‍්‍රමණිකයන්ට ජගත් සංක‍්‍රමණික සංවිධානයේ සහය.

Facebook
Twitter
LinkedIn

 

වියට්නාමයට නුදුරු මුහුදේ දී බේරාගන්නා ලද ශ‍්‍රී ලාංකිකයන් 303 දෙනාට අවශ්‍ය මානුෂීය ආධාර ලබාදීමට එක්සත් ජාතින්ගේ ජාත්‍යන්තර සංක‍්‍රමණික සංවිධානය ඉදිරිපත් වී සිටිනවා.

එම සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ වියට්නාමයේ හැනෝයි නුවර පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම සහය ලබාදීම සිදුකරන බවයි.

ඒ අනුව ජාත්‍යන්තර සංක‍්‍රමණික සංවිධානයේ වියට්නාම කාර්යාලය විසින් ශ‍්‍රී ලංකා සහ වියට්නාම රජයන් ද සම්බන්ධ කරගෙන අදාළ සහය දීම සිදු කරනවා.

අන්තර්ජාතික නීතියට සහ ප‍්‍රමිතීන්ටත් අනුව සහ වියට්නාමයේ දේශීය නීතින්ට අනුව අවශ්‍ය සහය මෙන්ම ආරක්ෂාව සැපයීම මෙහිදී මූලිකව සිදුවනු ඇති.

ශ‍්‍රී ලාංකික සංක‍්‍රමණිකයන් 303 දෙනාට වියට්නාමය තුළ ආරක්ෂිතව රැදී සිටීමට අවශ්‍ය ස්ථානයක් සැපයීමට මෙන්ම වෙනත් මූලික සහ අත්‍යවශ්‍ය පහසුකම් සැපයීමට වියට්නාමය දක්වන උනන්දුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංක‍්‍රමණික සංවිධානය සිය ප‍්‍රසාදය පළකර තිබෙනවා.

මේ වන විට අදාළ සංක‍්‍රමණිකයන්ට අවශ්‍ය ආහාර හා ඖෂධ ඇතුළු මූලික අවශ්‍යතා සැපයුමට පියවර ගෙන ඇති බව එක්සත් ජාතින්ගේ ජාත්‍යන්තර සංක‍්‍රමණික සංවිධානය සඳහන් කළා.

එමෙන්ම ස්වේච්ඡාවෙන් යළි මෙරටට පැමිණීමට කැමත්තෙන් පසුවන සංක‍්‍රමණිකයන් සදහා ඊට පහසුකම් සැලසීමට ද පියවර ගන්නා බවයි එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ.

පසුගිය නොවැම්බර් 08 වනදා වියට්නාමයට නුදුරු මුහුදේ දී මෙම සංක‍්‍රමණිකයන් 303 දෙනා බේරාගෙන තිබුණේ ඔවුන් ගමන්ගත් යාත‍්‍රාව අනතුරකට ලක්ව සිටියදීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000