 
                            ජී 20 රාජ්‍ය නායක සමුළුව අද (15) දින ඉන්දුනීසීයාවේ බාලි දූපත්හි ආරම්භ වේ.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර විශේෂ හමුවක් සමුළුවට සමගාමීව ඊයේ (14) සිදු විය.
එහිදී දෙපාර්ශවය අතර තායිවානය ගැටලුව ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
එක් චීනයක් ප්‍රතිපත්තියක් තවදුරටත් පිළිගන්නා අතර චීනය සමග නව සීතල යුද්ධයක් ආරම්භ නොකරන බව ද අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
භාග්‍යා බණ්ඩාර.
 
                         
             
             
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                